කිරිවෙහෙරේ වෙඩි තැබීමට සම්බන්ධ 7 දෙනා රිමාන්ඩ්

කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් 7 දෙනා ලබන මස 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් හා එක් සැකකාරියක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
අදාළ හිමිවරුන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම / ඒ සදහා උපකාර අනුබල ලබාදීම හා වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබෙනවා.
කිරිවෙහෙර පුදබිමේ මහසෙන් දේවාලයේ කපු තනතුර අහිමි කිරීම මුල් කර ගනිමින් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish