පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු මාසයක් තුල අඩු කිරීමට අදාළ සංශෝධන සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ රෝහල් සේවා සදහා වන වැට් බදු ඉවත් කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් එම කටයුතු මෙතෙක් ප්‍රමාද වූ බවයි.
ඒ අනුව පුද්ගලික රෝහල් විසින් සපයන ප්‍රතිකාර සේවා වෙනුවෙන් සාධාරණ මෙන්ම එක සමාන මිලක් නව ක්‍රමය යටතේ හදුන්වාදීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ වන විට රජයේ රෝහල්වලින් සියලු ප්‍රතිකාර සේවා නොමිලේම ලබාගත හැකි අතරම හෘද රෝගීන් වෙනුවෙන් භාවිතා කරන ස්ටෙන්ට් මිලද ඉදිරියේදී යළිත් පහත හෙළන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.