රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ඇප මත මුදා හැර තිඛෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස මොහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මියගිය වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කියා සිටියේ.
ඇප මත මුදා හරිනු ලැබු වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබන 24 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි නියෝග කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.