හම්බන්තොට වරායේ නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව / වරාය ඇමති

හම්බන්තොට වරාය ආශ්‍රීත නාවික හමුදා ක්‍රියාකාරකම් අත්හිටුවීමක් සිදු නොකරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද අවධාරණය කළා.
ඒ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදී තිබුණද එම බදු කාලය අවසන් වන තෙක්ම නාවික හමුදාව එහි රැදී සිටින බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
කෙසේ වෙතත් නාවික හමුදාවේ විශාල නැව් නැංගුරම් ලෑමට එහි ප්‍රමාණවත් ඉඩක් නොමැති බැවින් ඒ ආසන්නයේ නව ජැටියක් ඉදිකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එසේම වරාය තුල කැසිනෝ පුරයක්ද ඉදිකිරීමට චීණ සමාගම ඉල්ලා ඇතැයි පලවන වාර්තාවන්ද අසත්‍ය බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish