යුද්ධයේදී මිය ගිය එල් ටී ටී ඊ සාමාජිකයින්ට වන්දි ගෙවීම සදහා රජය බදු මුදල් වැය කිරීමට යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය ජාතිවාදී හා ජනතාව නොමග යැවීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා චෝදනා එල්ල කළා.
ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
ඩී එම් ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය සමයේ ඉදිරිපත් කළ එල් එල් ආර් සී වාර්තාවට අනුව යුද්ධයේදී පීඩාවට පත්වූ උතුරේ දකුණේ සියලු පාර්ශවයන්ට සාධාරණය ඉටු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම පමණක් බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

බදු ගෙවීමෙන් වලකින ලෙස විමල් වීරවංශ මහතා ජනතාවගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රතිචාර පල කෙරුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.