ලංකාවේ තිබූ විදෙස් ආයෝජනවල පහත යාමක්

2017 වසරේ දෙසැම්බර් මස 31 දිනය වන විට මෙරට පැවැති විදේශ ආයෝජන අරමුදල්වලින් රුපියල් කෝටි 2100ක පමණ මුදලක් ගතවූ මාස හය තුළ විදේශ ආයෝජකයන් විසින් ඉවත් කරගෙන ඇති බව අනාවරණ වනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව 2017-12-31 දින වන විට මෙරට මූල්‍ය වෙළෙඳපොළේ එක්රැස්ව තිබූ සමස්ත විදේශ ආයෝජනය රුපියල් කෝටි 32,200 ක් බවයි.
මෙම පුනි මාසය වන විට එය රුපියල් කෝටි 2100කින් පමණ අඩුවී සමස්ත ආයෝජනය රුපියල් කෝටි 30,100 දක්වා පහත බැස ඇති බව සදහන්.
භාණ්ඩාගාර බිල්පත්/ භාණ්ඩාගාර බැඳුම්කර තුල ආයෝජනය කර තිබූ මුදල් මේ ආකාරයට ඉවත් කරගෙන ඇති බවයි ප්‍රකාශ වන්නේ.
පසුගිය සමයේ මෙරට තුල මතුවූ දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවද එම වාර්තා අනාවරණ කරනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish