හිටපු ආරක්ෂක ලේකම් FCID යට

තංගල්ල වීරකැටිය ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රජයේ මුදල් වැය කිරීමේ චෝදනාවට අදාළ පරීක්ෂනයට ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ තිබෙනවා.
ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ කැදවීමක් මතයි.
වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සහ සංස්කෘතික පදනමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී සංස්ථාව සමග වාචික හෝ ලිඛිත කිසිදු ආකාරයක ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණවී තිබුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish