නැව් දෙකක් නිසා වරායේ හිටපු ලේකම්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර

2014 වසරේ දී නැව් සංස්ථාවට නැව් දෙකක් මිල දී ගැනීමේ දී මුල්‍ය අක්‍රමිකතාවක් වූ බව කියන සිද්ධියට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. ඩී. ප්‍රේමසිරි මහතා සහ ඔහුගේ පවුලේ ඥාතින්ට අයත් බැකු ගිණුම් හයක් පරීක්ෂා කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබාදුන්නා.

හිටපු ලේකම්වරයාගේ දියණිය සහ ඇගේ සැමියා 2011වසරේ සිට 2015 වසර දක්වා රුපියල් ලක්ෂ 574ක දේපළ මිල දී ගෙන ඇති බවටත් ප්‍රේමසිරි මහතාගේ බිරියගේ සොහොයුරකු ගාල්ල ප්‍රෙද්ශයේ හෝටලයක් රුපියල් ලක්ෂ 200කට මිල දී ගෙන ඇති බවත් කළ විමර්ශන වලින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්න්ධයෙන් මෙන්ම මුදල් සංසරණය වූ චීන ජාතික පවුලක තිදෙනෙක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පොලිසිය සිදු කළ බව අධිකරණයට බී වාර්තාවක් ගොනු කරමින් පොලිසිය දන්වා තිබෙනවා.

2014 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා වරාය හා මහාමාර්ග ඇමැතිවරයා ලෙස තිරු බදු රහිතව එක් නැවක් ඩොලර් මිලියන 35ක වටිනාකමින් මේ නැව් දෙක මෙරටට ගෙන්වීට කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණා.
එහෙත් එම නෞකා දෙක භාවිතා කළ නැව් දෙකක් බවට ලැබුණු පැමිණීල්ලකට අනුව මේ විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

මේ නැව් දෙක 1997 වසරේ නිෂ්පාදිත බවට සැකයක් මතුව ඇති බවත් භාවිතා කළ නැව් මෙරටට ගෙන්වා වැඩිපුර මුදල් ලබා දෙමින් මුදල් අවභාවිතයක් සිදුව ඇති බවටත් විමර්ශන සිදු කරන අතර 206.07-08 වනදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මේ වන විට නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නලීන් බණ්ඩාර මහතායි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish