බිස්කට් පැකට්ටුවක් සොරකම් කළ කතකට අත්හිටවූ සිර දඩුවමක්

රුපියල් 120ක් වටිනා බිස්කට් පැකට්ටුවක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ කාන්තාවකට වසකර බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.
එසේම ඇයට රුපියල් 1500ක දඩයක් හා රුපියල් 2500ක වන්දි මුදලක් ගෙවීමටයි මෙහිදී නියෝග කර ඇත්තේ.
මෙම බරපතල අපරාධය පිළිබද යක්කල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

පසු සටහන.
අඹ ගෙඩියක් / පොල් ගෙඩියක් හෝ බිස්කට් පැකට්ටුවක් වැනි දෙයක් සොරකම් කිරීම බරපතල අපරාධයක් වන අතර එම සිදුවීම් වලදී පොලිසියේ ක්‍රියාකාරීත්වය පැසසුමට ලක් කළ යුතුය.
බැදුම්කර වංචාව / රාජ්‍ය දේපල අවභාවිතය / මැති ඇමතිවරුන්ගේ වංචනිකයින්ගෙන් කෝටි ගණන් අල්ලස් වැනි සුළු සිද්ධීන් වලදී නැමෙන කොන්ද බිස්කට් පැකට්ටුවක් සොරකම් කිරීම වැනි බරපතල අපරාධයකදී නොනැමීම කෙතරම් ධෛර්්‍යයසම්පන්නද ? එවන් වාසනාවන්ත රටක අප ජීවත්වීම පිළිබද කෙතරම් සතුටට පත්විය යුතුද ?

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish