සිරගත කිරීම සැලැස්මක් / ඥානසාර හිමියන්ගෙන් චෝදනා

තමා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පසුපස  රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙකු සහ ඔහු යටතේ සිටින ඇමතිවරුන් දෙදෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිමියන් අද ප්‍රකාශ කළා.
ඒ බොදුබල සේනා මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

එම ඇමතිවරුන් දෙදෙනා සහ ඔවුන්ට ඉහළින් සිටින ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තමා මාස හයකට සිරගත කර ජම්පරය ඇන්දවිය යුතු යැයි තීරණය කර තිබූ බව බන්ධනාගාරගතවීමට සතියකට පෙර තමන් දැනගත් බවද උන්වහන්සේ කියා සිටියා.

තමා සිරගත කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ ආරක්ෂක මූලස්ථානයේ නිලධාරියෙකුට උසස්වීම් සහ වරප්‍රසාද අද දිනයේදී හිමිව ඇති බවයි ඥානසාර හිමියන් මෙහිදී චෝදනා කළේ.

බන්ධනාගාරය තුළදී තමන්ට ජම්පරය අඳින ලෙස එහි නිලධාරීන් පැවසුවද තමා සිදුකර ඇති වරද සහ ලබාදී ඇති දඬුවම දෙස බලන්නැයි එම නිලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, සිරකුටියෙන් පිටතට නොයා රැඳී සිටිමින් අඳන කඩය ඇඳ ඊට උඩින් තුවායක් දමාගෙන සිටි බවත් ඥානසාර හිමියන් කියා සිටියා.

මින් ඉදිරියට කිසිදු දේශපාලඥයෙකු විශ්වාස නොකරන බවත්, කිසිදු දේශපාලඥයෙකු පසුපස නොයන බවත්, බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව හා තමන් සකස් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දළදා මාලිගයේ අත තබා දිවුරණ පුද්ගලයෙකු 2020දී ජනාධිපතිවරයා වශයෙන් තෝරාගැනීමට සහය ලබාදෙන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish