මහින්දගේ ජන්දයට චීනය සල්ලි දීලා / අමෙරිකාව හෙළිකරයි

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් චීනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවාරණ ප්‍රචාරණයට දැවැන්ත මූදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණ කර තිබෙනවා.
ඒ විශේෂ ගවේෂනාත්මක වාර්තාවක් හරහායි.
එහි දැක්වෙන්නේ හම්බන්තොට වරාය ඇතුලු චීනයේ මෙරට අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම මුල් කර ගනිමින් මෙම මුදල් ලබාදීම සිදුකර ඇති බවයි.
ඒ අනුව 2015 ජනාධිපතිවරණ වියදම් වෙනුවෙන් පුද්ගලික බැංකු ගිණුමක් හරහා චීනයෙන් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7 යි දශම 6ක් ලබාදී ඇති බවයි එහි දැක්වෙන්නේ. එම මුදලේ මෙරට වටිනාකම රුපියල් කෝටි 100 ක් ඉක්මවනවා.
2015 ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමට දින 10කට පෙර ඩොලර් මිලියන 3යි දශම 7ක මුදලක් ලබාදී ඇති බවයි හෙළිව ඇත්තේ.
චෙක්පත් මගින් මෙම මුදල් ලබාදී ඇති අතර ඉන් ඩොලර් 680,000 ක් ආධාරකරුවන්ට ටී ෂර්ට් හා වෙනත් ප්‍රචාරණ ද්‍රව්‍යය වෙනුවෙන් ලබාදී ඇති බව සදහන්.
ආධාරකරුවන්ට ත්‍යාග ලබාදීම වෙනුවෙන් චීනය ලබාදී ඇති මුදල ඩොලර් 297,000 ක් බවයි සදහන් වන්නේ.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකටද ඩොලර් 38,000 ක් ගෙවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළිකරනවා.
මේ අතරින් ඩොලර් මිලියන 1යි දශම 7ක චෙක්පත් 2ක් මුදල් කර අරලිය ගහ මන්දිරයට යොමුකර ත.ිබූ බවක්ද එහි සදහන්.
මෙම සියලු ගෙවීම් චයිනා හාබර් සමාගමේ අතුරු ගිණුමක් හරහා ලබාදී ඇති අතර එය හම්බන්තොට වරාය මුල් කර ගනිමින් සිදුකරන ලද්දක් බවයි අමෙරිකාව හෙළිකරන්නේ.
ඒ අනුව හම්බන්තොට වරාය ආසන්නයෙන් ජාත්‍යන්තර මුහුදේ වසකරට නැව් 10000ක් ගමන් කළද පසුගිය සමයේ වසරකට ඒ වෙත පැමිණ තිබුණේ නැව් 21ක් පමණයි.
මෙම දැවැන්ත වාසිය අත් කර ගැනීම චීනයේ උපායක් බවද එහි දැක්වෙනවා.
ඒ අනුව චීනය මෙරට දේශපාලනය සදහා මුදල් පොම්ප කරමින් දිළිදු රටවල් ගිල ගැනීමේ මෙහෙයුම මෙරටදී්ත් ක්‍රියාත්මක කරන බවටයි මෙම වාර්තාවෙන් අනාවර්ණ කර ඇත්තේ.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.