ඛනිජ තෙල් බවුසර ඉරිදා සිට පැය 48 ක වර්ජනයක

ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික බවුසර හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ සිය සේවා ගාස්තුව ඉහළ නංවන ලෙස රජයට බලකරමින්.
ඉන්ධණ මිල ගණන් ඉහළ නැංවීම සමග තම සංගමයේ බවුසර සේවා ගාස්තකුව වැඩි කරන ලෙස ඉල්ලා සිටියද ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි එහි ලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ.මේ පිළිබද පැවති සාකච්ජාවකදී ජුනි 8 වනදාට පෙර විසදුම් ලබාදෙන බවට අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ප්‍රතිචාර පල කළද එය ඉටු නොවූ බවයි ලංකා ඛනිජ තෙල් පුද්ගලික බවුසර හිමියන්ගේ සංගමය පවසන්නේ.
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සේවා ගාස්තුවද සියයට 12.5 කින් වැඩි කරන ලෙස මෙහිදී ඉල්ලීම් කර තිබුණා.
එම විසදුම ලබා නොදෙන්නේ නම් වර්ජනයකට යොමුවන අතර එයින් රට තුල ඉන්ධණ හිගයක් ඇතිවිය හැකි බවටයි සංගමය අනතුරු අගවන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish