අමෙරිකානු පුරවැසිභාවය අතහරින්න- ගෝඨාභයට අභියෝගයක්-Audio

රටට සැබෑ ආදරයක් ඇත්නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙරම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අහමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්.
මේ වන විට ලංකාවේ පුරවැසියකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය හිමිවන්නේ නම් පමණක් අමෙරිකානු පුරවැසිභාවය අත්හරින බව ප්‍රකාශ කිරීමෙන්ම ඔහුගේ වංක භාවය ප්‍රදර්ශනය වන බවටයි අමාත්‍යවරයා චෝදනා එල්ල කළේ.

 

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.