නිව් යෝර්ක් ටයිම්ස් පුවත් සේවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හා චීනය ශ්‍රී ලංකාවේ කළ ව්‍යාපෘති පිළිබඳව පළකළ වාර්තා අසත්‍ය කරුණුවලින් සමන්විත බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරනවා.

ජනමාධ්‍යයේ සත්‍ය නම් මූලික කරුණ මෙම ලිපිය හරහා උල්ලංඝනය කර ඇති බවයි කබ්රාල් මහතා සිය ෆේස් බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් සදහන් කරන්නේ.

ලිපිය ලියූ මාරියා අබි හබීම් මැයි 10 දා තමන් හමුවූ බවත් ඇයගේ ප්‍රශ්ණ සඳහා පැයක පමණ කාලයක් පිළිතුරු ලබාදුන්නත් ඒවා ඇය විසින් ඉවත දමා මෙම ලිපිය සකසා ඇති බවද ඔහු සදහන් කරනවා.

එසේම මෙම මාධ්‍යවේදිනිය එක් අන්තයක් පමණක් වාර්තා කර ඇති බවත් එම ලිපිය සම්බන්ධවෙන් විස්තරාත්මක පිළිතුරක් ලබාදෙන බවයි හිටපු මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.