පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම විසින් බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිසමට විකෘති කළ දුරකථන සංවාද හඬ පට ලබා දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නඩු විභාගය අද සලකා බැලූ අවස්ථාවේදීයි.
ඒ අනුව හඬ පට අටක රස පරීක්ෂක වාර්තා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇති බව මෙහිදී අනාවරණ කෙරුණා.
නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස්ගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පළිසේන/ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් තිලිණ සල්ගාදු හා ජ්‍යෙෂ්ඨ විකුණුම් නිලධාරී සචිත්‍ර මධුශංක යන අය විසින් මෙම හඩපට විකෘති කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.
ඒ අනුව බැඳුම්කර කොමිසමෙන් ලබා ගත් එකී දුරකථන සංවාද ඇතුළත් හඬපට 04 හා පර්පෙචවල් ට්‍රෙෂරීස් සමාගමේ අනුකූලතා නිලධාරීනි විජේවදනී ජේසුදාසන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬ පට 04ක් ද රජයේ රසපරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට මෙහිදී නියෝග කෙරුණා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.