මැතිවරණ ව්‍යාපාරය සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චයිනා හාබර් සමාගම විසින් රුපියල් කෝටි 112ක මුදලක් ලබා දී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ බව කියන තොරතුරු පදනම් කරගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිඛෙනවා.
හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ගැනීමේ අරමුණින්, මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙලෙස මුදල් ලබා දීම සම්බන්ධයෙන් මෙම වසරේ පෙබරවාරි මස 10 වන දින ජාතික ආණ්ඩුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිල විමසීමක් ද සිදුකර ඇති බව සදහන්.
මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බව කියන මෙම මුදල් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තිබෙන බවට ලද තොරතුරු මත විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් එම විමසීම කර තිඛෙනවා.ජාතික රජයට ජාත්‍යන්තරයෙන් ලැබුණු විශ්වාසවන්ත තොරතුරක් මත ඉහත විමසිම කළ බවයි සභානායක ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අනාවරණ කළේ.
රජ්‍ය මට්ටමින් අනාවරණය කරගනු ලැබූ තොරතුරු මත රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යපාරයට මුදල් දීමට මුල් වූ චයිනා හාබර් සමාගමේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු යළි චිනයට හරවා යැවීමට ද ජාතික ආණ්ඩුව පියවර ගෙන තිඛෙනවා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද ඉකුත් ජුනි 25 දා මෙම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති අතර චයිනා හාබර් සමාගම විසින් මෙම මුදල් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව හරහා ලබාදී ඇති බවට ද එහි කරුණු දක්වා තිබුණා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.