ඉන්දියාවේ නවදිල්ලි නුවර නිවසක් තුල තිබී එකම පවුලේ 11 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ අතරට කාන්තා මළ සිරුරු 7ක් හා පිරිමි මළ සිරුරු 4ක් වන බවයි.
මේ අතරින් 10 දෙනකුගේ අත්පා හා මුඛය බැද දමා එල්ලා දමා ඇති අතර වැඩිහිටි කාන්තාවකගේ සිරුරක් පමණක් ගෙබිමේ වැටී තිබියදී සොයාගෙන ඇති බව සදහන්.
මිය ගිය පිරිසට තරුණ වියේ පසුවන 3න් දෙනකුද ඇතුලත්.
මෙය ඝාතනයක්ද නැතහොත් සිය දිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණවී නැහැ.
නවදිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ද එම නිවසට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.
අසල්වැසියන් පවසන්නේ එම නිවැසියන්ට කිසිදු ප්‍රශ්නයක් නොපැවති බවයි.
ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් යන සැකය මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.