මාතර නිලේක් ජුවලරි ආයතනය මංකොල්ලකෑම සදහා යොදාගත් මෝටර් රථය එහි රියදුරු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරගහහේන තලගලදීයි.
සැකකරු මඩපාත, කපිල කුමාර නම්වන අතර මෙම රථය ඔහුගේ බිරිඳට අයත් එකක් බව සදහන්.
කොල්ලයට සහභාගී වූ කොස්ගොඩ තාරක , චාමර , කොස්ගොඩ ඩිල්ෂාන් යන පිරිස මෙම සැකකරුට අයත් නිවසක කුලී පදනම මත රැදී සිට ඇති බවයි අනාවරණ කර ඇත්තේ.
කොල්ලය අවස්ථාවේදී වෙඩි වැදී තුවාල ලැබූ සැකකරුවන් කරාපිටිය රෝහල අසල දමා යන ලද්දේද මෙම රථයෙන්ම බව අනාවරණ කර තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.