ගෝඨාභයගේ වියත් මගට වාසුදේවගෙන් ප්‍රහාරයක්

ඉදිරි ආණ්ඩුවක මුලික ලක්ෂණ වියත් මඟ ඉදිරිපත් කරන වැඩ පිළිවෙලෙහි පවතින බවට ඊට සම්බන්ධ පිරිස් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ප්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද අවධාරණය කළා.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (02) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමින්.
මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් නායකත්වයක් තුලින් ඉදිරි ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

‘‘ මේ ආණ්ඩුව කඩලා මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න අපට වුවමනයි. ඒ සඳහා වැඩ පිළිවෙළ සරල බහුතරය කඩා අපේ පැත්තට මන්ත‍්‍රීවරුන් ගැනිමයි. මහින්ද මහත්යාගේ නායකත්වයෙන් මිස වෙනත් නායකත්වයන් ආදේශ කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයට මුවාවෙලා ඒ නායකත්වය යට කරගෙන එන්න දෙන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ගෙනත් විධායක ජනපතිවරණයක් අනවශ්‍ය තැනට ගෙනෙන්න.

මේ වැඩ පිළිවෙළ මොකක්ද කියලා අහනවා. අපේ වැඩ පිළිවෙළ යාවත් කාලීන කළ මහින්ද චින්තනයයි. වියත් මග නොවෙයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish