කිඹුල් කදුළුහෙළන විජයකලාගේ එල් ටී ටී ඊ ප්‍රේමය

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල දැඩි විරෝධයකට ලක්වෙමින් පවතිනවා.
ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දරමින් රාජ්‍ය විරෝධී සංවිධානයකට අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.
මීට පෙර අවස්ථාවකදීත් ඇය විසින් එල් ටී ටී ඊ යට පක්ෂපාතීව අදහස් දක්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය කෙරුණේ නැහැ.

ජනාධිපති ජනතා සේවය  වැඩසටහනේ 8 වැනි වැඩ සටහන යාපනය වීරසිංහම් ශාලවේදී පැවති අවස්ථාවේදීයි ඇය මෙම අදහස් පල කළේ.

‘‘උතුරේ කාන්තාවන් බරපතල වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතක යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව සිටීයා නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් නැහැ.
 
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පක්ෂය වර්ධනය කිරීමේ උත්සහායේ පමණක් නිරත වෙලා ඉන්නවා. උතුරේ ජීවත් වන මිනිස්සු වෙනුවෙන් කිසිදු විසඳුමක් සොයන්න ඔහු උත්සහා කරන්නෙ නැහැ. ජනාධිපතිවරයාත් දෙමළ ජනතාව බේරාගන්න අපොහොසත් වෙලා තියෙනවා.
 
යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන මෙවන්  සිදුවීම් දිහා බලන කොට  2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වෙනවා.මේ තත්වය නිසා කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතුයි. එය අපගේ මූලික  අරමුණක්. අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි‘‘

කෙසේ වෙතත් යාපනයේ දැරියන් ගැන කිඹුල් කදුළු හෙළන විජයකලා මහේෂ්වරන් පුන්කුඩතිව් හීදී සමූහ දූෂණයකට ලක්කර විද්‍යා දැරිය ඝාතනය කළ අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු මුදවාගෙන ගිය බවටද චෝදනා එල්ල වුණා.
ඒ අනුව ඇය අමාත්‍ය ධූරයේ තවදුරටත් තබාගත යුතුද යන පැනය ඉතිරිව ඇත්තේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව හමුවේයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.