ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි රන්ජන් රාමනායක මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි කර ඇති අතරම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නඩු පැවරීමටද පියවර ගනිමින් පවතින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අද පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

“නිව්යෝක් ලිපිය පළවී පැය කිහිපයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට හෝ රන්ජන් රාමනායක මහතාට කොන්දක් තිබෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලාපැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරනවා”

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.