ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය යළි එල් ටී ටී ඊ ය අවශ්‍ය බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පවතින නීතියේ යම් කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්දැයි සොයාබලන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නීතිපතිවරයාට වෙත දන්වා යවා තිබෙනවා.

ඒ අනුව යම් නීතිය කඩවීමක් සිදුව ඇත්නම් ඒ පිළිබද පියවර ගන්නා ලෙසයි කථානායකවරයා දැනුම්දී ඇත්තේ.

රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනයේ සඳහන් දිවුරැම උල්ලංඝනය වි ඇති බවට ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ලවුණා.

එම අදහස් සැලකිල්ලට ගනිමින් කථානායක කරු ජයසූරිය මහතා මෙම පියවර ගත්බව කථානායක කාර්යාලය සඳහන් කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.