ගෝඨාභය අද සිට දේශපාලනයට

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක  ‍ලේකම් අද දිනයේ (4) ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ දී සිය නිල දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල දේශපාලන කටයුතු ආරම්භ කෙරෙන අද (4) දිනයේදී ඊට සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවු‍ලේ දේශපාලනඥයින් සමග ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බත්තරමුල්ලේ ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ කාර්යාලයට පැමිණීමට නියමිත බවයි එහි ප්‍රකාශකයකු සදහන් කළේ.

මෙහිදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්  පාක්ෂිකයන්ට නිල සාමාජික කාඩ්පත ප්‍රදානය කිරීමද මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකිරීමට නියමිතයි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.