මත්තල ගුවන් තොටුපල බදු පදනම මත ලබා ගැනීමට උත්සාහ දරන ඉන්දීය ආයෝජකතයින් ඊයේ දිනයේදී එම ගුවන් තොටුපල නිරීක්ෂණය කර ඇති බව වාර්තාවනවා.
මෙම අවස්ථාවට කොලඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පිරිසක්ද එක්ව සිට ඇතැයි සදහන්.
ඩොලර් මිලියන 405ක පදු පදනමක් යටතේ මෙම ගුවන් තොටුපල බදුදීමට නියමිත බවද ප්‍රකාශිතයි.
කෙසේ වෙතත් හම්බන්තොට වරාය දියුණුවීමත් සමග දියුණු ගුවන් තොටුපලකින් රටට දැඩි ආර්ථික වාසියක් ලබාගත හැකි අතරම ඒ සදහා මත්තල ගුවන් තොටුපල රජය සතුව පවත්වා ගැනීම වාසිදායක බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
එහෙත් මේ වන විටත් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පැවරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන අතර එය රටට දැවැන්ත අවාසියක් ඇති කරන්නක් බවටද චෝදනා එල්ලවනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.