නිව් යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන CID ය පරීක්ෂණ අරඹයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණ සමයේ චීනයෙන් මුදල් ආධාර ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල මුල් කර ගනිමින් මෙම පරීක්ෂණ සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 112 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චෝදනා එල්ල කළා.
එහෙත් චීනය ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ අදාළ චෝදනා අසත්‍ය බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish