වර්ජනයට තැපල්පති බිලිවෙයි / ජනපති කාර්යාලයට ස්ථාන මාරුවක්

තැපල්පති රෝහණ අබේරත්න මහතාට ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව තාවකාලිකව තැපල්පති ධූරයේ වැඩ බැලීම සදහා තැපල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගියදා පැවැති දීර්ඝ තැපල් වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස තැපල්පතිවරයාට මෙම ස්ථාන මාරුව හිමිව ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් තැපල් වර්ජකයින් සම්බන්ධයෙන් තැපල්පතිවරයා දැඩිව කටයුතු කරනු ලැබුවේ රජයෙන් වැටුප් ලබන සියලු දෙනා ජනතාව වෙනුවෙන් කැපවිය යුතු බවට අදහස් දක්වමිනුයි.
ඒ අනුව තැපල් වර්ජනයේ බිල්ල බවට රෝහණ අබේරත්න මහතා පත්ව ඇති බවටයි අදහස් පලවන්නේ.

 

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish