අවදානම වැඩියි/ විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය දැඩි කළ යුතුයි

විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම දැඩිව සිදුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පැවසුවේ බ්‍රිතාන්‍ය සහ ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේද මෙරටට පැමිණ ඇත්තේ විදේශිකයින්ගෙන් බවයි.

කෙසේවෙතත් මෙරට මේ වන විට විශාල වශයෙන් පැතිරයමින් පවතින්නේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය බවත් මේ හේතුවෙන් වෛරසය පැතිරයාම, සංකූලතා මතුවීම සහ මරණ ගණන වැඩිවිය හැකි බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *