බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම් සමූහයේ අධ්‍යක්‌ෂ අර්ජුන් ඇලෝසියස්‌ගේ මෙට්‌ටය යට තිබියදී සොයා ගත් දුරකථනය හා ඇමතුම් ලබාදුන් අය පිළිබඳව සහ ඔහුට එම දුරකථනය ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්‌ෂය රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස්‌ගේ මෙට්‌ටය යට තිබිලා සිම් කාඩ් පහක්‌ හා දුරකථන තුනක්‌ හමුවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සත්‍ය තත්ත්වය අධිකරණයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අපි නීති දෙපාර්තමේන්තුවට ස්‌තූතිය පළ කරනවා. බන්ධනාගාරගතව සිටින අයට සිම් කාඩ් සහ දුරකථන ලැබුණේ කොහොමද කියලා රජය ඉතාම ඉක්‌මනින් හෙළි කළ යුතුයි. මෙම දුරකථනවලින් ඇමතුම් ගත්තේ කාටද කියන එකත් හෙළි කළ යුතුයි. බන්ධනාගාරගත වන පුද්ගලයන්ට දුරකථන පහසුකම්, නිදාගන්න මෙට්‌ට ආදී පහසුකම් ලැබෙන්නේ නෑ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.