ඉකුත් ජූලි 5 වනදා උතුරේ කළු කොටි දිනය සැමරූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

කළු කොටි දිනය නිමිත්තෙන් උතුරේ බොහෝ ස්‌ථාන වල කළුකොටි ඡායාරූපවලට පහන් දැල්වීම සිදුකරන ආකාරයේ දර්ශනද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

කිළිනොච්චියේ අක්‌කරායන්කුලම, ස්‌කන්දපුරම් ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටී.ටී.ඊ ලාංඡනය හා ඊළාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක්‌ ඇඳ ඇති බව සදහන්.

1987 වර්ෂයේ ජූලි මස 5 වැනිදා එල්.ටී.ටී.ඊ කළු කොටි සංවිධානයේ නායකයා වූ මිලර් නමැත්තා එදින මියයැම හේතුවෙන් මෙම දිනය සමරන බවයි සදහන් වන්නේ.

 

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.