ඉදිරි දෙසතිය ඇතුළත යාපනයේ ආවා කල්ලිය සම්පූර්ණයෙන්ම නිමාවට පත් කරන බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසනවා.
පොලිසියේ 100කගෙන් යුක්ත විශේෂ කණ්ඩායමක් පසුගිය 5 වැනිදා බ්‍රහස්පතින්දා සිට යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇති අතර යාපනය පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද රොෂාන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.විශේෂයෙන්ම ආවා කල්ලිය සැරිසරන පොලිස් කොට්ඨාස 4ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම කොට්ටාස වන යාපනය, චුණ්ණාකම්, මනිපායි හා කෝපායි හි විශේෂ මෙහෙයුම් හා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.විශේෂ පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව හා මෙහෙයුම් සිදු කරනු ලබන අතරතුර ආවා කල්ලියේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.