මත්තල ඉන්දියාව සමග හවුලේ / ගිවිසුම ළගදීම

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙහෙයවීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව අනාවරණ වනවා.
එම ගුවන් තොටුපළ ඉදිකිරීමේදී ලබාගෙන ඇති ණය වාරික ගෙවීමට කටුනායක ගුවන් තොටුපලෙහි වාර්ෂික ආදායමෙන් ඩොලර් මිලියන 3ක් පමණ වැය වන බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මත්තල ගුවන් තොටුපළ මෙහෙයවීම් කටයුතු සිදුකිරීමට ටෙන්ඩර් කැඳවූ බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ජාතික පුවත් පතක් සමඟ අදහස් පල කර තිබුණා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කෙරුණේ මත්තල කිසිදු ආකාරයකින් විකුණා නොදමන බවයි.

මෙම ටෙන්ඩර් කැඳවීමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 320ක වැඩිම ලන්සුව තැබූ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ මත්තල මෙහෙයවීම් කටයුතු සිදුකිරීමට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

තක්සේරු වටිනාකමින් සියයට 70 ක් ඉන්දියාව විසින් යොදවන අතර සියයට 30 ක් ලංකා රජය මගින් යොදවනු ඇති.
කෙසේ වෙතත් මේ සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජය සතුව තිබූ ප්‍රධාන ආර්ථික මාර්ග දෙක වන මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය මෙහෙයවීමේ බලය හිමිවන්නේ පිටස්තර රාජ්‍යයන් දෙකකටයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish