ලංකා ඉන්දියල් ඔයිල් සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලින් අලවි කරන ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට සමාන මිලකට අලෙවි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියල් ඔයිල් සමාගම එකම නිෂ්පාදන අලෙවි කළද පාරිභෝගිකයන්ට අයි ඕ සී ඉන්ධන වැඩි මිලක් ගෙවා ලබා ගැනීමට සිදුව ඇති බවයි.
එය පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් බවද ලිපියේ දැක්වෙනවා.
මේ අතර ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඒ පිළිබද තීරණ ගැනීම පාරිභෝගික සේවා අධිකාරියට පවරන ලෙසද ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර ඉන්ධන මිල වැඩි කළ පසුගිය පස්වනදා පෙරවරුවේ සිට පස්වරුව දක්වා පාරිභෝගිකයින්ට වැඩි මිලකට ඉන්ධන අලෙවි කර ඇති බැවින් එසේ වැඩියෙන් අය කළ මුදල යළි ලබාදීමට පියවර ගන්නා ලෙසයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.