චීන සමාගමේ චෙක්පතේ චෝදනාවට නාමල්ගෙන් ප්‍රතිචාර

චීන සමාගමක් විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ගෙවූ චෙක්පත සම්බන්ධ සිද්ධිය මැතිවරණ මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන මඩ ව්‍යාපාරයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ වසර 3කට පෙර සිට මෙම චෝදනාව එල්ල කරන අතර ඒ බව තහවුරු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
එසේම අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති අතුල් කෙශ්‍යප් මහතා විසින් එම ප්‍රවෘත්තිය ට්විටර් හී හුවමාරු කිරීම තුලින් මේ පිළිබද යම් සැගවුණු කරුණක් හෙළිවන බවද නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වනවා. ඊයේ දිනයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අදාළ චීන සමාගම මුදල් ගෙවූ බව කියන චෙක්පතේ පිටපතක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. එහි දැක්වෙන්නේ රුපියල් මිලියන 19යි දශම 4ක මුදලක් වෙනුවෙන් අදාළ චෙක්පත පිරිනමා ඇති බවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :