හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියකු මරලා

රත්නපුර පොලීසියේ වරෙන්තු අංශයේ සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානය හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තු කිහිපයක් තිබූ සැකකාර හිමිනම හමුවීමට සැරයන්වරයා අවස්ථා කිහිපයකදී විහාරස්ථානයට ගොස් තිබුණද, සැකකාර හිමිනම එහි රැදී සිට තිබුණේ නැහැ.

අද දහවල් පොලිස් සැරයන්වරයා විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී සැකකාර චීවරධාරියා විසින් පොලිස් නිලධාරියාගේ ගෙල සිර කර මරා දමා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි පොලිස් සැරයන්වරයා රත්නපුර මහ රෝහළට ඇතුළත් කර තිබූ අතර, එහිදී ඔහු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish