මරණ දඩුවම එපා / ක්ෂමා සංවිධානය ලංකාවෙන් ඉල්ලයි

මරණීය දණ්ඩනය යළි සක්‍රීය කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.
එහි දකුණු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනූෂිකා දිසානායක පවසන්නේ කලාපයේ මරණීය දණ්ඩනය අත්හිටවූ පලමු රට ලෙස ලංකාව නම්ව තිබූ බවයි.
එහෙත් එය යළි සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය පිළිගත හැකි එකක් නොවන බවද ඇය ප්‍රකාශ කරනවා.
මරණීය දණ්ඩනය කෘෘර දඩුවම් ක්‍රමයක් බැවින් එය යළි ක්‍රියාත්මක කිරීම නුසුදුසු බවද ක්ෂාමා සංවිධානය සදහන් කරනවා.

මේ වන විට ලෝකයේ රටවල් 142 ක් මරණීය දණ්ඩනය අත්හිටුවා ඇති බැවින් ලංකාව යළි ඉන් ඉවත් වීමට ගෙන ඇති තීරණයද අත්හිටුවිය යුතු බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish