රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහසොහොන් බලකායේ ප්‍රධානියා බව කියන අමිත් වීරසිංහ නැමැත්තා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුරාධපුර බන්ධනාගාරය තුලදීයි.
තමන් වහාම මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු මෙම උපවාසයේ නිරතවනවා.
සැකකරු දිගන ප්‍රදේශයේ හටගත් නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු අතර පසුගියදා ඇප මත මුදා හරිනු ලැබුවා.
එහෙත් වෙනත් සිද්ධියකට අදාළවයි ඔහු මේ වන විට බන්ධනාගාර ගත කර සිටින්නේ.
එහෙත් එවන් චෝදනාවක් තමන්ට නොමැති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :