පාපන්දු කණ්ඩායමක සිසුන් 12 දෙනකු හා ඔවුන්ගේ පුහුණුකරු දෙසතියකට වැඩි කාලයක් කොටුව සිටි තායිලන්තයේ තාම් ලුවාන්ග් ලෙනතුල කෟතුකාගාරයක් පිහිටුවීමට කටයුතු ආරම්භ කර තිඛෙනවා.
ඒ මෙම සිසුන් ඛේරාගත් විස්මිත මෙහෙයුම සිහිකිරීම සදහායි.
මේ අතර මෙම සිද්ධිය මුල් කර ගනිමින් සිනමා පට නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනකුම සූදානමින් පසුවනවා.
ඒ මෙම මෙහෙයුම හා සිදුවීම ලෝකයේ විශාල අවධානයක් දිනාගැනීම හේතුවෙන්.
ඒ වෙනුවෙන් දැනටමත් කටයුතු ආරම්භ වී ඇති අතර එය ලොව කලඹන සිනමාපටයක් බවට පත්වනු ඇති බවයි සදහන් වන්නේ.
මේ අතර ලෙනතුල සිරව සිට මුදාගත් සිසුන් හා ගුරුවරයා මේ වන විට රෝහලෙන් මුදා හැර තිඛෙනවා.
ඔවුන් මේ වන විට තායිලන්තයේ ආකර්ෂණීය චරිත බවට පත්ව ඇතැයිද එරට වාර්තා සදහන් කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :