කුඩු ලොක්කන් 13කට මරණ දඩුවම / ලිපිය බන්ධනාගාරයෙන් අධිකරණයට

මරණ දඬුවම නියමවී ඇති හා එය ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට භාරදී තිඛෙනවා.
ඒ ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ නියෝගයට අනුවයි.
ඒ අනුව මරණ දඩුවම නියමවී සිටියදීත් එම ජාවාරමේ නිරත 13 දෙනකුගේ නම් මෙම ලයිස්තුවට ඇතුලත් බව අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් එම් එම් ආර් අධිකාරි මහත්මිය අනාවරණ කළා.
අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත එම වාර්තාව භාරදීමට නියමිතයි.
ඒමෙම සිරකරුවන් අතරින් ඇතමුන් අභියාචනා ඉදිරිපත් කර තිබීම හේතුවෙන්.
එම සියලු දත්ත ඇතුළත්ව සකස් කරන අවසන් නාම ලේඛනය ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දෙනු ඇති.
මේ අතර අළුගෝසු තනතුර සඳහා ලබන සතියේ යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේල අළුගෝසු තනතුර සඳහා දෙදනකු බදවා ගැනෙන බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish