ලංකාවේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිලිපීන ජනාධිපති රොඩ්රිගු දුතර්තේ විසින් අගය කර තිඛෙනවා.
පිලිපීන පුවත් සේවය වාර්තා කළේ පිලිපීන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක හැරී රක් විසින් මේ පිළිබද අදහස් පල කළ බවයි.
පිලිපීනයේ මත්කුඩු ජාවාරමට එරෙහිව ගෙන යන මෙහෙයුම ආදර්ශයට ගෙන ලංකාව මෙම පියවර ගැනීම සතුටට කරුණක් බවයි ඔහු පවසන්නේ.
පිලිපීනයේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි පියවර ගනිමින් පවතින අතර මේ දක්වා කාලයේදී එම ජාවාරමට සම්බන්ධ විශාල පිරිසක් ඝාතනයට ලක්ව තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :