ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කිරීමට තමන් සූදානමින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිඛෙනවා.ඒ වීරකේසරී පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
මෙහිදී අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සදහන් කර ඇත්තේ එල් ටී ටී ඊ හිටපු නායක ප්‍රභාකරන් කිසිදා සාමයට එකග නොවූ බවයි.
1987 දී ඉන්දියානු මැදිහත්වීමෙන් ඇතිවූ තත්ත්වයන් ප්‍රයෝජනයට ගත්තේ නම් ප්‍රභාකරන්ට ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරයෙන්ද පිළිගැනීමක් ලබාගනිමින් සාමය උදා කිරීමට ඉඩ තිබූ බවයි රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :