සියලුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අනුවයි.
පසුගිය 11වැනිදා නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ග්ලයිපොසේට් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම විශේෂත්වයක්.
2015 වසරේදී ගැසට් නිවේදනයක් මගින් රසායනික ග්ලෆෝසෙට් අඩංගු කෘමිනාශක සඳහා නිකුත් කරන ලද සෑම බලපත්‍රක් ම අවලංගු කිරීමට පියවර ගත්තා.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් තේ සහ රබර් සඳහා ග්ලයිපොසේට් තහනම අත්හිටුවීමටයි පියවර ගත්තේ.
ඉදිරියේදී ගල්යිෆොසේට් භාවිතයට අදාළ නිර්ණායක පැහැදිලි කරමින් ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :