එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව පිළිබද ඊයේ පැවැති සාකච්ජාවේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දක්වනු ලැබුවා.
මෙරටට එරෙහි අදහස් දක්වා තිබුණේ යෝජනාව ඉදිරිපත් කළ රටවල් ද ඇතුලු රටවල් 15 ක් පමණයි.
එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් කිහිපයක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර , එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රී ලංකාව කටයුතු කළේ.
එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව,අමෙරිකාව, ජර්මනිය සහ යුරෝපා සංගමය ලංකාවට එරෙහිව අදහස් දැක්වූ අතර මානව හිමිකම් සංවිධාන හා එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාව නියෝජනය කරන පිරිසක්ද ලංකාවට එරෙහිව සම්බාධක දමන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ.
කෙසේ වෙතත්, ඉන්දියාව,ජපානය සහ ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථ ස්ථාවරයක පසුවුණා.
මෙහිදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයට සහය පළ කළ රටවල් 21 අතුරින් 10 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වනවා.
මෙම රටවල් වන්...