ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවේ බස් රථ පදවන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ – video
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ඕස්ට්‍රේලියාවේ බස් රථ පදවන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ – video

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුරාජ් රන්දීව් හා චින්තක ජයසිංහ මේ වන විට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී බස් රථ රියදුරන් ලෙස කටයුතු කරමින් පවතිනවා. මේ ඒ පිළිබද 9 නිවුස් නාලිකාව ඉදිරිපත් කළ ප්‍රවෘත්තියක තොරතුරුයි. 
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කරයි

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගය නිල වශයෙන් විවෘත කර තිබෙනවා. එහි මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කෙරුණා. 110,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද  නම් කර තිබෙනවා. එසේම ලෝකයේ අලංකාරම ක්‍රිකට් ක්‍රීඩාංගන අතරටද එය එක්වන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයට සීලරතන හිමියන්ගෙන් නාම යෝජනා –  Audio
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයට සීලරතන හිමියන්ගෙන් නාම යෝජනා – Audio

මීළග නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද සිය නාමයෝජනා භාර දුන්නා. ඒ උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් . මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතයි. මේ නාම යෝජනා භාරදීමෙන් පසු අදහස් දැක්වූ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ...
ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් අනතුරක / පාදයකට බරපතල හානි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් අනතුරක / පාදයකට බරපතල හානි

සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස් පැවසුවේ අනතුරෙන් ටයිගර් වුඩ්ස්ගේ පාදයක් බරපතල මට්ටමේ හානියකට ලක්ව ඇති අතර ඔහු සැත්කමක් සඳහා යොමුකරන ලද බවයි. තමන් රථය ධාවනය කරන මාර්ගයේ වෙනදාට වඩා අධික වේගයෙන් ටයිගර් වුඩ්ස් රිය පදවා ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව කන්දකින් ඉවතට විසිවී ගිය මෝටර් රථ අනතුරට පත්ව තිබූ අතර ඔහු රැගෙන යාමට ගිලන් රථ පැමිණීමට යම් ප්‍රමාදයක් සිදුව තිබූ බවද සදහන්. 45 හැවිරිදි ටයිගර් වුඩ්ස්, 15 වතාවක් ගොල්ෆ් ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින අතර කලක් ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයා බවට ද පත්ව සිටියා. ...
ශ්‍රී ලංකා පිල යයි / දසුන් ශානක නොයයි / ගුවන් ගමන් බලපත්‍රය නැති වෙලා
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා පිල යයි / දසුන් ශානක නොයයි / ගුවන් ගමන් බලපත්‍රය නැති වෙලා

කොදෙව් සංචාරය සඳහා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලගංකා කණ්ඩායමට දසුන් ශානක ඇතුලත් නොවූ බව වාර්තා වනවා. ඒ ඔහු සංචිතයට ඇතුලත් වුවද ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතවූ බව දැන්වීම සමගයි. කොදෙව් ධූපත් වෙත යාම සඳහා අමෙරිකානු වීසා ලබාගෙන තිබියදීයි එම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇත්තේ. ඒ අනුව ක්‍රිකට් ආයතනය මැදිහත්ව ඔහුට අවශ්‍ය නව ගුවන් ගමන් බලපත්‍රයක් හා වීසා පහසුකම් යලි ලබා ගැනීම සිදුකරමින් පවතිනවා. මෙම තත්ත්වය සමනයවූ පසු දසුන් ශානක ශ්‍රී ලංකා පිල සමග එක්වීමට නියමිතයි.මෙම තරගාවලියේදී ශ්‍රී ලංක විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේද දසුන් ශානකයි....
කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා

කොදෙව් සංචාරය හෙට – වාස් ඉල්ලා අස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස  කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට  බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි....
ළහිරු කුමාරටත් කොරෝනා
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ළහිරු කුමාරටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ සමග කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවල වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතයි. ළහිරු කුමාර වෙනුවට කොදෙව් සංචාරය සඳහා සුරංග ලක්මාල් කැදවීමට ඉඩ ඇති බවද එම වාර්තා අනාවරණ කළා.
කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේ ,20 යි 20 හා එක්දින ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් නම් කර තිබෙනවා. කොදෙව් දූපත් හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබන මාර්තු 3, 5 හා 7 යන දිනවල 20 යි 20 තරග පැවැත්වීමට නියමිතයි. 1 දිමුත් කරුණාරත්න (එක්දින නායක) 2 ධනුෂ්ක ගුණතිලක 3 පැතුම් නිශ්ශංක 4, දිනේෂ් චන්දිමාල් 5 ඇන්ජලෝ මැතිවුස් 6 නිරෝෂන් දික්වැල්ල 7 ඕෂධ ප්‍රනාන්දු 8 කමිදු මෙන්ඩිස් 9 අශේන් බණ්ඩාර 10, දසුන් ශානක (ටී 20 නායක), 11 තිසර පෙරේරා 12, රමේෂ් මෙන්ඩිස් 13 වනිදු හසරංග 14 දුෂ්මන්ත චමීර 15 නුවන් ප්‍රදීප් 16 ලහිරු කුමාර 17 අසිත ප්‍රනාන්දු 18 දිල්ෂාන් මධුශංක 19 ලක්ෂන් සඳකැන් 20 අකිල ධනංජය...
පුහුණු විස්සයි විස්ස තරගයේදී දිමුත්ගෙන් වේගවත් ඉනිමක්
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

පුහුණු විස්සයි විස්ස තරගයේදී දිමුත්ගෙන් වේගවත් ඉනිමක්

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණු තරගයේදීද ලකුණු අතරට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 89 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි. පන්දු 53 කින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය. මුහුණ දුන් 29 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත් වමත් ආරම්භක පිතිකරුවා, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම හේතුවෙන් ශතකය අහිමි කර ගත්තේය. තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කරුණාරත්න සමත් වුවද ලකුණු 195 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී අෂේන් බණ්ඩාර හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී යෑම මත දසුන් ශානකගේ කණ්ඩායම හමුවේ ලකුණු 19 ක පරාජයකට මුහුණ දීමට සිදුවිය. අෂේන් බණ්ඩාර පන්දු 31 කදී ලකුණු 41 ක් රැස් කර ගත්තේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු දුෂ්මන්ත චමී...
පුහුණු එක්දින තරගයේදී චන්දිමාල් , මැතිවුස් ශතක වාර්තා කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

පුහුණු එක්දින තරගයේදී චන්දිමාල් , මැතිවුස් ශතක වාර්තා කරයි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රිකට් සමාජ (සී.සී.සී.) පිටියේ පැවැති එක්දින ක්‍රිකට් තරගය පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් අද විසඳුමකින් තොරව අද (19 ) නිමාවට පත්විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දිනයේ සුවිශේෂී තරු බවට පත්වූහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා වුණු චන්දිමාල් දසුන් ශානකගේ කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 149 ක් ලබා ගත්තේය. අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා කණ්ඩායමේ ඉනිම හමාර වන තෙක්ම පන්දුවට පහර දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ පන්දු 123 ක් පමණක් වැය කරමිනි. ඔහුට අමතරව වනිඳු හසරංග සහ නායක දසුන් ශානක අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ ද...
කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි. ඒ අනුව තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් ඉල්ලා අස් වීම හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ...
කෝටි 100ක වංචාවකට දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

කෝටි 100ක වංචාවකට දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු පොලිස් අත්අඩංගුවට

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකරු වන සචින් ජෝශි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මතයි. සිය සමාගමක් හරහා රුපියල් කෝටි 100ක මුදලක් විශුද්ධිකරණය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. රංගන ශිල්පියකු මෙන්ම මුම්බායි හී ප්‍රධානතම ඉදිකිරීම් අංශ ව්‍යාපාරිකයකු ලෙසයි ඔහු ප්‍රකටව ඇත්තේ. ඔම්කාර් සමූහයට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පදනම් වී ඇත්තේ වංචා සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම යන චෝදනා මතයි. ඊට අදාළව ඔහුගේ නිවසද ආදායම් බදු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා....
ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ/ තරග දිනන්න ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ/ තරග දිනන්න ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි

තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන්, වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී ඉහත අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන එකට වඩා ගොඩක් වෙනස්. එහි හිතන විදිය සහ කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ක්‍රිකට් එකේ ආකල්පවල කිසිම වෙනසක් වෙලා නෑ” යැයි පවසා සිටින මුරලිදරන් මහතා, “මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුල...
IPL වෙන්දේසියට ලංකාවෙන් ඉතිරි ක්‍රීඩකයන් 9 යි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

IPL වෙන්දේසියට ලංකාවෙන් ඉතිරි ක්‍රීඩකයන් 9 යි

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 9 දෙනකු පමණක් අවසන් ලයිස්තුවට එක්කර තිබෙනවා. ඒ මෙම ලයිස්තුවට එක්ව සිටි ලාංකීය ක්‍රීඩකයන් 31 දෙනා අතරිනුයි. කුසල් පෙරේරා , තිසර පෙරේරා, වනිදු හසරංග, කෙවින් කොත්තිගොඩ. මශීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර. දසුන් ශානක, ඉසුරු උදාන හා විජයකාන්ත් වියස්කාන්ත් ඒ අතරට ඇතුලත්. 2021 IPL තරගාවලිය සඳහා ලොව පුරා ක්‍රිකට් ක්‍රිඩකයන් 1114 දෙනකු නම් ඉදිරිපත් කර තිබුණා. ඒ අතරින් වෙන්දේසිය සදහා වන ලයිස්තුවට එක්කර ඇත්තේ ක්‍රීඩකයින් 218 දෙනකු පමණයි. ලබන පෙබරවාරි 18 වනදා IPL වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි. එහිදී ලාංකීය ක්‍රීඩකයන්ට ඉදිරිපත් කර ඇති අවම ලංසුව කුසල් පෙරේරා - රුපියල් ලක්ෂ 50 යි- තිසර පෙරේරා - රුපියල් ලක්ෂ 50 යි වනිදු හසරංග - රුපියල් ලක්ෂ 50 යි කෙවින් කොත්තිගොඩ- - රුපියල් ලක්ෂ 20 යි- මශීෂ් තීක්ෂණ - රුපියල් ලක්ෂ 20 යි- දුෂ්මන්ත චමීර ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය කමනාකරු ලෙසින් කටයුතු කරන ලද පෝල් කෝරි මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සම්බන්ධ වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් ජනවාරි මස 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර තිබේ. 2018 වසරේ පෙබරවාරි මස 15 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ කෝරි මහතා ගෙවී ගිය වසර 3 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළේය. පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෝරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ....
ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් වෙයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ PCR වාර්තා නිකුත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනකුට සිදුකළ පරීක්ෂණවල වාර්තා නිකුත්වී තිබෙනවා. ඒ අනුව එම සියළු ක්‍රීඩකයන්ගේ පරීක්ෂණ වාර්තා කොරෝනාවට සෲණාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මෙම ක්‍රීඩකයන් කොදෙව් සංචාරය වෙනුවෙන් වූ පුහුණු සංචිතය සඳහා තෝරාගත් ක්‍රීඩකයන් වනවා. ඒ අනුව මෙම සියළු ක්‍රීඩකයන් හෙට දිනයේ ශාරිරක යෝග්‍යතා පරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි. අනතුරුව ලබන 16 වනදා ඔවුන් කොදෙව් සංචාරය සඳහා වන පුහුණු කටයුතු ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මීට පෙර ළහිරු තිරිමාන්න හා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනයවී ඇතැයි අනාවරණවී තිබුණා....
ලංකාවේ ක්‍රිකට් හදන්න අරවින්ද ,මහනාම , මුරලි හා සංගක්කාර ඇතුළු කමිටුවක්
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ලංකාවේ ක්‍රිකට් හදන්න අරවින්ද ,මහනාම , මුරලි හා සංගක්කාර ඇතුළු කමිටුවක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. එහි සාමාජිකයන් ව්නනේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා මහතා (සභාපති)රොෂාන් මහානාම ,මුත්තයියා මුරලිදරන් ,කුමාර් සංගක්කාර යන මහත්වරුන්. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අද එම කමිටුව පත්කර තිබුණා. කමිටුවේ මූලික කාර්යභාරය වන්නේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බව අමාතයාංශය සදහන් කළා....
සුපිරි ඉනිමකින් පසු ක්‍රිස් ගේල් සංගක්කාරට ස්තුති කරයි – Video
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

සුපිරි ඉනිමකින් පසු ක්‍රිස් ගේල් සංගක්කාරට ස්තුති කරයි – Video

අබුඩාබි 10 තරගාවලියේ තරගයකදී වේගවත් ඉන්මක් ක්‍රීඩා කිරීමෙන් පසු එහි ගෞරවය කුමාර් සංගක්කාර වෙත පිරිනමන බව සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ කළා. ඒ ඔහු පන්දු 22 කදී ලකුණු 84 ක් රැස් කිරීමෙන් පසුවයි. එහිදී ක්‍රිස් ගේල් පැවසුවේ තමන් පිටියට පිවිසීමට පෙර කුමාර් සංගක්කාර ලබාදුන් උපදෙස අනුව සාර්ථකවීමට හැකිවූ බවයි. "We never stop learning. Sanga, you're the man, you're a legend" 🙌@henrygayle thanks Team Abu Dhabi Mentor @KumarSanga2 for his pep talk before today's game! #AbuDhabiT10 pic.twitter.com/NPsCXQJ9TJ — T10 League (@T10League) February 3, 2021 ...
“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්
ක්‍රීඩා, මතවාද, වැඩියෙන් නැරඹූ

“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්

යම් ආගමික කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හසුරුවන බවට එල්ලවන ප්‍රචාරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ඊට අදාළව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයයි. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ජන කතාව බොරුවක් / ක්‍රිකට් සභාපති කියයි
ක්‍රීඩා, වැඩියෙන් නැරඹූ

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ජන කතාව බොරුවක් / ක්‍රිකට් සභාපති කියයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ විවේචන තවදුරටත් පැවතියහොත් ක්‍රිකට් වර්ජනයක නිරත වන බවට තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසුවා.