ප්‍රධාන පුවත්

ගමන් බෑගයේ මළ සිරුර ගෙනා පුද්ගලයා සොයා පරීක්ෂණ / හංවැල්ලෙන් කාන්තා ඇඳුම් සහිත බෑගයක්
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගමන් බෑගයේ මළ සිරුර ගෙනා පුද්ගලයා සොයා පරීක්ෂණ / හංවැල්ලෙන් කාන්තා ඇඳුම් සහිත බෑගයක්

පිටකොටුව ,වේල්ලවීථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ හිස කඳින් වෙන් කළ කාන්තා සිරුර සහිත බෑගය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා ඉන්පසු ගමන් කළ මාර්ගය සොයා මේ වනවිට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සී සී ටී වී දර්ශන මේ සඳහා භාවිත කරමින් පවතින බවයි පොලිසිය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හංවැල්ලේ සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් (143) කාන්තා මළ සිරුර සහිත බෑගය රැගෙන විත් ඇති බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ. මේ වනවිට එම බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම මළ සිරුර සහිත ගමන් බෑගය හංවැල්ල ප්‍රදේශයේදී බස් රථයට දමාගන්නා ආකාරය මෙන්ම පිටකොටුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස යන ආකාරයද සී සී ටී වී දර්ශනවල සටහන් වී තිබුණා. මේ අතර හංවැල්ල නගරයේ තිබී කාන්තා ඇඳුම් සහිත බෑගයක් අද පොලීසිය සොයාගෙන තිබෙනවා. එහෙත් එම බෑගය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර හංවැල්ල බ...
නාරංගල කන්ද සංචාරකයන්ට තහනම්
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නාරංගල කන්ද සංචාරකයන්ට තහනම්

බදුල්ල නාරංගල කන්ද සංචාරකයින්ට තාවකාලිකව තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. පසුගියදා එම කන්ද තරණයට ගිය තරුණයකු අතුරුදන්ව තිබූ අතර පසුව ඔහුගේ මළ සිරුර සොයා ගැණුනා. කෙසේ වෙතත් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කර ඇත්තේ මෙහි ඇති සංවේදී පරිසර කලාපයක් නිසා බවයි වාර්තා වන්නේ.
පළමු එන්නත ගත් සුළු පිරිසකටත් කොරෝනා හැදිලා / රාජ්‍ය ඇමතිනිය කියයි
ප්‍රධාන පුවත්

පළමු එන්නත ගත් සුළු පිරිසකටත් කොරෝනා හැදිලා / රාජ්‍ය ඇමතිනිය කියයි

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පළමු මාත්‍රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත වන බැවින් එම කාලය අතරතුර වෛරසය වැළඳිය හැකි බවයි. පළමු මාත්‍රාවෙන් ආවරණය ඇත්තේ, 62%කට පමණ ප්‍රමාණයකට බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා. පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් සුළු පිරිසකට කෝවිඩ් වැළඳී ඇති බවට වාර්තා වී ඇති බවත් එය සැලකිය යුතු සංඛ්‍යාවක් නොවන බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළා....
අධිකරණයට අපහාසයක් වෙලා ? / සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අධිකරණයට අපහාසයක් වෙලා ? / සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අද පස්වරුවේ අගවිනිසුරුවරයා වෙත භාර දී තිබෙනවා. ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ අවසන් නිගමනයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින්. අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර ඇති ලිපිය මගින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ස්භාවයුක්තිධර්මයට බලවත් හානියක් සිදුව ඇති බවයි....
වඳ වූ බව සැලකූ පඩු කරඳ ගස් ස්ථාන 9ක / පේරාදෙණිය උද්‍යානයේ පැල 20ක්
ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වඳ වූ බව සැලකූ පඩු කරඳ ගස් ස්ථාන 9ක / පේරාදෙණිය උද්‍යානයේ පැල 20ක්

මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ හෙවත් Crudia Zeylanica ශාක විශේෂයේ පැල පරිබාහිර සංරක්ෂණ කටයුතු වලින් රෝපණය කර උද්භිද උද්‍යාන වල හා සුදුසු පරිසර වලට හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසනවා. 2012 රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැල 20ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැල 06ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇතැයිද එම දෙපාර්තුමේන්තුව සදහන් කළා. මෙම පඬු කරඳ “ Crudia Zeylanica ” ශාකය පිලිබඳ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත වාර්තාවක් යොමු කරමින් එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ ආන්දෝලනයට ලක්වූ අඳාල ශාකය හමුවූ දාරලුව ප්‍රදේශය ආශ්‍රිතව තවත් පඬු කරඳ විශාල ගසක් හා කුඩා ගසක් හඳුනාගත් බවයි. ඊට අමතරව වෙනත් ස්ථාන 06ක් කින්ද මෙම ශාක හඳුනාගෙන තිබේ.අත්තනගලු ඔය ශාඛාවක් වන මැඩිල්ල ඇල, දොරණගොඩ දකුණ, මිනු...
සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට

තරග පාවා දීමට සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඔහු විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය අද සලකා බැලූ අවස්ථාවේදීයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ප්‍රශ්නයක්

පාස්කු ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට ගෙන එන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමියන් පැවසුවේ පාස්කු ප්‍රහාය සිදුකර වසර 2ක් පමණ ගතව තිබුණත් ඊට සම්බන්ධ මහ මොළකරුවන්, අනුබලදුන් කිසිවකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකිවීම ප්‍රශ්නාර්තයක් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය මේ පිළිබද නිසි අයුරින් පරීක්ෂණ සිදුකළාදැයි සැකයක් පවතින බව ද කාදිනල් හිමි මෙහිදී පැවසීය. මෙම විමර්ශන සිදුකළ ඇතැම් නිලධාරීන්ට අයුතු දේශපාලන බලපෑම් සිදුකළ බව කියන පුද්ගලයින් පිළිබද ආරංචි වී ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා....
පාස්කු කොමිසම් වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැහැ / ඇමති කෙහෙළිය
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු කොමිසම් වාර්තාවේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැහැ / ඇමති කෙහෙළිය

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වගකීම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ භාර නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද අවධාරණය කළා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එහි හරි වැරුද්ද භාරගැනීමට රජය සූදානම් නොමැති බවයි. “සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා කියන එක, ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාර ගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා....
කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන දේශපාලන බලපෑම් නතර නොකළහොත් දැඩි පියවරක් වෙත යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ , එන්නත්කරණයේ යෙදෙන නිලධාරීන්ට විවිධ මට්ටමේ බලපෑම් කිරීමේ සිද්ධීන් මේ වන විට වාර්තා වන බවයි. කොළඹ මහ නගර සභා සීමාව තුල එවන් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තාවන බවද ඔහු පැවසුවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කොරෝනා එන්නත් ලබාදීමේදී අත්‍යාවශ්‍ය කණ්ඩායමෙන් බැහැර පුදු්ගලයන්ට ඒවා ලබාදීමට බලපෑම් කරමින් පැවතීම අනුමත නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. සුදුසුකම් සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදිය යුතු අතර දේශපාලන අවශ්‍යතාවයන් මත බලපෑම් කිරීම පිළිබද සොයා බලන ලෙසයි සංගමය රජයෙන් ඉල්ලීමක් කළේ. නෙඑසේනම් වෘත්තීය සමිති ඒකාබද්ධව දැඩි පියවරකට යොමුවන බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා....
සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා පැවුසවේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. විභාග මෙහෙයුම් කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිතයි. මෙය මෙම වසරේ සිට ක්‍රියාත්මක වන්නේදැයි අනාවරණ කර නැහැ....
ගමන් මල්ලක මළසිරුරක් ගෙනා පුද්ගලයා හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලයි – Video
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගමන් මල්ලක මළසිරුරක් ගෙනා පුද්ගලයා හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලයි – Video

පිටකොටුව,වේල්ල වීදිය ප්‍රදේශයෙන් ගමන් බෑගයක දමා තිබිය දී සොයාගත් මළ සිරුර රැගෙන ආ පුද්ගලයා හා මිය ගිය තරුණියගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ අනුව මීට අදාළ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති - 0718 591 557 පොලිස් හදිසි ඇමතුම් ඒකකය - 0112 433 333 මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හංවැල්ලෙන් බස් රථයට ගොඩ වන අයුරු හා ඉන් බැස යන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා. ...
මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ දෙකක හුදකලා භාවය ඉවත් කර තිඛෙනවා. ඒ අනුව ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කෙරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කොරෝනා මරණ භූමදානය ඉරණතිව්හීදී – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා මරණ භූමදානය ඉරණතිව්හීදී – Audio

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මල සිරුරු ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා. අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.
වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වනවා. ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ මගින්ද හෙළිකර තිබුණා. ඉදිකර, මෙහෙයුම්කර පවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම සිදුකර තිබුණා. ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබෙනවා. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි. මේ අනුව අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. ...
ඊයේ වැඩිම ආසාදිතයන් තලංගම , රත්නපුරය හා රුවන්වැල්ලෙන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ වැඩිම ආසාදිතයන් තලංගම , රත්නපුරය හා රුවන්වැල්ලෙන්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 60 ක්. ඒ අතරින් 29 දෙනකු තලංගමින් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40යි. ඉන් 14ක් වාර්තා වුණේ කැළණියෙන්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 34ක් හඳුනාගත් අතර ඉන් 23ක් රත්නපුර නගරයෙන් සොයා ගැණුනා. යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ඉන් 13 දෙනකු යාපනය නගරයෙන් හඳුනා ගැණුනා. රුවන්වැල්ල නගරයෙන් ආසාදිතයන් 18 යි. ...
පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා

අමරිකානු ඩොලර් මිලියන 310ක (රුපියල් කෝටි 6045ක) ඛනිජ වැලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. චීනයේ මෙටලර්ජිකල් ගෲප් කෝපරේෂන් (China Metallurgical Group Corporation -MCC) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ෂෝ (Wang Zhou) පසුගිය පෙබරවාරි 26 වැනිදා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණා. ශ්‍රී ලංකාවේ වයඹ දිග පුල්මුඩේ පිහිටි නිධි වැනි තවත් මුහුදු වැලි නිධි කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇති අතර එම නිධිවල මොනසයිට් (Monazite) සහ ෂර්කෝන් (Zircon) අන්තර්ගත බවද එම ඛනිජ ද්‍රව්‍යවල පෘථිවියේ දුර්වල මූලද්‍රව්‍යයක් වන සීරියම් (Cerium) අන්තර්ගත බව විශ්වාස කෙරෙනවා. මෙම මූලද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රටවල් අතළොස්ස අතරට එක්වීම සඳහා මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත්, පුනර්ජනනීය බලශක්තිය සහ ඉලෙක්ට...
ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව ලබන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී තීරණාත්මක වශයෙන් සලකා බැලීමට නියමිත බව වාර්තාවනවා. එදිනට ඉදිරිපත් කරන යෝජනාව සාමාජික රටවල ජන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගියදා එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල්වල කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් මීට පෙර අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වූ අතර එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති රටවල් දහයක් ඇතුළු රටවල් 21 ක් වාර්තාවට සහ අන්තර්ගතයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ප්‍රකාශයන් සිදුකළා. කෙසේ වෙතත් යුරෝපා සංගමය ඇතුළු රටවල් 15 ක් යෝජනාව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළා. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනම්, සවිස්තරා...
හිස නැති සිරුර හංවැල්ලේ සිට බස් රථයකින් රැගෙන ආ බව හෙළිවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හිස නැති සිරුර හංවැල්ලේ සිට බස් රථයකින් රැගෙන ආ බව හෙළිවෙයි

කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම ගමන් බෑගයක තිබූ (ට්‍රැවලින් බෑග්) මෙම කාන්තා සිරුර වේල්ලවීදිය පොලිසිය ඊයේ (1 වැනිදා) දහවල් සොයා ගත්තේය. ඊයේ සවස ගෙල කපාදමා සිරුර දෙකට නවා බෑගයට දමා තිබී මෙලෙස පොලිසියට හමුවී ඇත. මෙම බෑගය දීර්ඝ වේලාවක් මාර්ගය අසල තිබියදී වේල්ලවීදිය පොලිසියට ලද ඇමතුමක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් ඊයේ (1 වැනිදා) සවස 2.30ට පමණ බෑගය පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ගෑස්පහ හන්දිය දෙස සිට දහවල් 1.30ට පමණ පුද්ගලයකු මෙම බෑගය තල්ලුකරගෙන එන ආකාරය සටහන්වී ඇත. සැකකරු අවට අයට සැක නොහිතෙන පරිදි මෙම බෑගය රැගෙන විත් ඇත. මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත්...
අද දිනයට කොරෝනා ආසාදිතයන් 303 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනයට කොරෝනා ආසාදිතයන් 303 යි

අද දිනය තුල නව කොරෝනා ආසාදිතයන් 303ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගතවූ මාසය තුල අඩුම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවූ දිනය අදයි.
2015 -2018 රාජ්‍ය ආයතනවල වංචා සෙවූ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

2015 -2018 රාජ්‍ය ආයතනවල වංචා සෙවූ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

2015-2018 කාලයේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ගැන සෙවූ කොමිසමේ වාර්තාවල ජනපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එළඹෙන පළමු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.