ආසන්න පුවත්

කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා එන්නත් දීමේදී දේශපාලන බලපෑම් වැඩියි / වහා මැදිහත් වන්නැයි රජයට ඉල්ලීමක්

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට එල්ලවන දේශපාලන බලපෑම් නතර නොකළහොත් දැඩි පියවරක් වෙත යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ , එන්නත්කරණයේ යෙදෙන නිලධාරීන්ට විවිධ මට්ටමේ බලපෑම් කිරීමේ සිද්ධීන් මේ වන විට වාර්තා වන බවයි. කොළඹ මහ නගර සභා සීමාව තුල එවන් සිද්ධීන් වැඩි වශයෙන් වාර්තාවන බවද ඔහු පැවසුවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් කොරෝනා එන්නත් ලබාදීමේදී අත්‍යාවශ්‍ය කණ්ඩායමෙන් බැහැර පුදු්ගලයන්ට ඒවා ලබාදීමට බලපෑම් කරමින් පැවතීම අනුමත නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. සුදුසුකම් සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදිය යුතු අතර දේශපාලන අවශ්‍යතාවයන් මත බලපෑම් කිරීම පිළිබද සොයා බලන ලෙසයි සංගමය රජයෙන් ඉල්ලීමක් කළේ. නෙඑසේනම් වෘත්තීය සමිති ඒකාබද්ධව දැඩි පියවරකට යොමුවන බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා....
සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ /උසස් පෙළ දෙසැම්බරයේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා පැවුසවේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. විභාග මෙහෙයුම් කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිතයි. මෙය මෙම වසරේ සිට ක්‍රියාත්මක වන්නේදැයි අනාවරණ කර නැහැ....
ගමන් මල්ලක මළසිරුරක් ගෙනා පුද්ගලයා හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලයි – Video
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ගමන් මල්ලක මළසිරුරක් ගෙනා පුද්ගලයා හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලයි – Video

පිටකොටුව,වේල්ල වීදිය ප්‍රදේශයෙන් ගමන් බෑගයක දමා තිබිය දී සොයාගත් මළ සිරුර රැගෙන ආ පුද්ගලයා හා මිය ගිය තරුණියගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ අනුව මීට අදාළ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති - 0718 591 557 පොලිස් හදිසි ඇමතුම් ඒකකය - 0112 433 333 මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හංවැල්ලෙන් බස් රථයට ගොඩ වන අයුරු හා ඉන් බැස යන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා. ...
මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මහනුවර ග්‍රාම සේවා වසම් දෙකක හුදකලා බව ඉවතට

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ දෙකක හුදකලා භාවය ඉවත් කර තිඛෙනවා. ඒ අනුව ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කෙරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කොරෝනා මරණ භූමදානය ඉරණතිව්හීදී – Audio
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කොරෝනා මරණ භූමදානය ඉරණතිව්හීදී – Audio

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මල සිරුරු ඉරණතිව් හිදී භූමදානමය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා. අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.
වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වනවා. ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ මගින්ද හෙළිකර තිබුණා. ඉදිකර, මෙහෙයුම්කර පවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම සිදුකර තිබුණා. ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබෙනවා. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි. මේ අනුව අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. ...
ඊයේ වැඩිම ආසාදිතයන් තලංගම , රත්නපුරය හා රුවන්වැල්ලෙන්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ වැඩිම ආසාදිතයන් තලංගම , රත්නපුරය හා රුවන්වැල්ලෙන්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 60 ක්. ඒ අතරින් 29 දෙනකු තලංගමින් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40යි. ඉන් 14ක් වාර්තා වුණේ කැළණියෙන්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 34ක් හඳුනාගත් අතර ඉන් 23ක් රත්නපුර නගරයෙන් සොයා ගැණුනා. යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ඉන් 13 දෙනකු යාපනය නගරයෙන් හඳුනා ගැණුනා. රුවන්වැල්ල නගරයෙන් ආසාදිතයන් 18 යි. ...
පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා

අමරිකානු ඩොලර් මිලියන 310ක (රුපියල් කෝටි 6045ක) ඛනිජ වැලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. චීනයේ මෙටලර්ජිකල් ගෲප් කෝපරේෂන් (China Metallurgical Group Corporation -MCC) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ෂෝ (Wang Zhou) පසුගිය පෙබරවාරි 26 වැනිදා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණා. ශ්‍රී ලංකාවේ වයඹ දිග පුල්මුඩේ පිහිටි නිධි වැනි තවත් මුහුදු වැලි නිධි කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇති අතර එම නිධිවල මොනසයිට් (Monazite) සහ ෂර්කෝන් (Zircon) අන්තර්ගත බවද එම ඛනිජ ද්‍රව්‍යවල පෘථිවියේ දුර්වල මූලද්‍රව්‍යයක් වන සීරියම් (Cerium) අන්තර්ගත බව විශ්වාස කෙරෙනවා. මෙම මූලද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රටවල් අතළොස්ස අතරට එක්වීම සඳහා මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත්, පුනර්ජනනීය බලශක්තිය සහ ඉලෙක්ට...
ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාව ගැන ජිනීවා ජන්ද විමසීම ලබන අඟහරුවාදා

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව ලබන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී තීරණාත්මක වශයෙන් සලකා බැලීමට නියමිත බව වාර්තාවනවා. එදිනට ඉදිරිපත් කරන යෝජනාව සාමාජික රටවල ජන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගියදා එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල්වල කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් මීට පෙර අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වූ අතර එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති රටවල් දහයක් ඇතුළු රටවල් 21 ක් වාර්තාවට සහ අන්තර්ගතයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ප්‍රකාශයන් සිදුකළා. කෙසේ වෙතත් යුරෝපා සංගමය ඇතුළු රටවල් 15 ක් යෝජනාව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළා. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනම්, සවිස්තරා...
හිස නැති සිරුර හංවැල්ලේ සිට බස් රථයකින් රැගෙන ආ බව හෙළිවෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හිස නැති සිරුර හංවැල්ලේ සිට බස් රථයකින් රැගෙන ආ බව හෙළිවෙයි

කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම ගමන් බෑගයක තිබූ (ට්‍රැවලින් බෑග්) මෙම කාන්තා සිරුර වේල්ලවීදිය පොලිසිය ඊයේ (1 වැනිදා) දහවල් සොයා ගත්තේය. ඊයේ සවස ගෙල කපාදමා සිරුර දෙකට නවා බෑගයට දමා තිබී මෙලෙස පොලිසියට හමුවී ඇත. මෙම බෑගය දීර්ඝ වේලාවක් මාර්ගය අසල තිබියදී වේල්ලවීදිය පොලිසියට ලද ඇමතුමක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් ඊයේ (1 වැනිදා) සවස 2.30ට පමණ බෑගය පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ගෑස්පහ හන්දිය දෙස සිට දහවල් 1.30ට පමණ පුද්ගලයකු මෙම බෑගය තල්ලුකරගෙන එන ආකාරය සටහන්වී ඇත. සැකකරු අවට අයට සැක නොහිතෙන පරිදි මෙම බෑගය රැගෙන විත් ඇත. මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත්...
අද දිනයට කොරෝනා ආසාදිතයන් 303 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනයට කොරෝනා ආසාදිතයන් 303 යි

අද දිනය තුල නව කොරෝනා ආසාදිතයන් 303ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගතවූ මාසය තුල අඩුම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවූ දිනය අදයි.
2015 -2018 රාජ්‍ය ආයතනවල වංචා සෙවූ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

2015 -2018 රාජ්‍ය ආයතනවල වංචා සෙවූ කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

2015-2018 කාලයේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා ගැන සෙවූ කොමිසමේ වාර්තාවල ජනපති විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එළඹෙන පළමු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
විදුලිය කප්පාදු කිරීමේ සූදානමක් නෑ / විදුලි බල අමාත්‍යාංශය කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

විදුලිය කප්පාදු කිරීමේ සූදානමක් නෑ / විදුලි බල අමාත්‍යාංශය කියයි

මේ වන විට වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද එය විදුලිය සැපයීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා පැවසුවේ විදුලි කප්පාදුවක් සිදුකරන බවට පලවන වාර්තා අසත්‍ය බවයි. අමාත්‍යාංශය හෝ විදුලි බල මණ්ඩලය මෙතෙක් ඒ පිළිබද තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. මේ වන විට ජලාශවල ජල මට්ටම සියයට 73 ක මට්ටමේ පවතින අතර එය වියළි කාලයේදී විදුලිය නිපදවීමට ප්‍රමාණවත් වනු ඇතැයි සුලක්ෂන ජයවර්ධන මහතා පැවසුවා....
අද දිනට කොරෝනා මරණ 5ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අද දිනට කොරෝනා මරණ 5ක්

මෙරට තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 476ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක ගෙනා පුද්ගලයාගේ දර්ශන CC TV කැමරාවේ -Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක ගෙනා පුද්ගලයාගේ දර්ශන CC TV කැමරාවේ -Video

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා. වයස අවුරුදු 20ක පමණ තරුණියකගේ සිරුරක් මෙසේ සොයාගෙන තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ලද තොරතුරකට අනුව අදාළ බෑගය සහිත මළ සිරුර සොයාගත් බවයි. එම ගමන් බෑගය එම ස්ථානයට ගෙනා පුද්ගලයාගේ දර්ශන සී සී ටීවී කැමරාවක මෙසේ පටිගතව තිබුණා. https://youtu.be/Jo9g5xA3Mjs...
තවත් කොරෝනා ආසාදිතයන් 192 ක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 192දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 83434ක් . ඉන් ආසාදිතයින් 79,422 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය. මේ අතර, ඒ මහතා විසින් අද (01)පෙරවරුවේ එම කොමිෂන් සභා වාර්තාව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට මල්වතු මහා විහාරයේදීත්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට අස්ගිරි මහා විහාරයේදීත් අදාළ වාර්තාව පිළිගන්වා තිබේ. ...
ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණාද ? අගවිනිසුරුට පැමිණිල්ලක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජනපති කොමිසමේ නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වුණාද ? අගවිනිසුරුට පැමිණිල්ලක්

දේශපාලන පළි ගැනිම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇත්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් නීතිඥවරු 4 දෙනෙක් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. නීතිඥ සේනක පෙරේරා,අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. දේශපාලන පළිගැනීම් පිළ...
නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් 23 ඇරඹෙයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අප්‍රේල් 23 ඇරඹෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර රැසක් ආවරණය කරමින් දැවැන්ත කඩිනම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අප්‍රේල් මස 23 වන දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා. මේ යටතේ නුවරඑළිය තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කර පාපන්දු පිටියක්, මලල ක්‍රීඩා පුහුණු පිටියක්, වොලිබෝල් පිටි 02 ක්, බාස්කට්බෝල් පිටි 02 ක්, ක්‍රිකට් පිටියක්, කේබල් කාර් ව්‍යාපෘතියක්, ඇවිදින  මංතීරුවක්, අශ්වරේස් මංතීරුවක් සහ සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක්, අවන්හල් ජාලයක් ඉදිරිකිරීමට නියමිතයි. මෙම සියළු ඉදිකිරීම් තුරග තරග පිටිය පිටත ඇති මංතීරුවලට ඇතුළත පිටියේ ඉදිකෙරෙන අතර  මෙයට අමතරව ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. තවද තුරග තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාර් රේස් ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි. තුරග තරග පිටියේ අශ්...
සාමාන්‍ය පෙළ විභාගයට සියලු අපේක්ෂයින් පැමිණියා / විභාග කොමසාරිස් ජනරාල්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගයට සියලු අපේක්ෂයින් පැමිණියා / විභාග කොමසාරිස් ජනරාල්

අද ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සියලු විභාග අපේක්ෂකයින් පැමිණ තිබූ බවට වාර්තා වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513ක පැවැත්වීමට කටයුතු කර ඇති අතර විභාගය එළඹෙන 10 දින දක්වා පැවැත්වෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිත දරුවන් සඳහා වූ විශේෂ විභාග මධ්‍යස්ථාන වලදී දරුවන් 38ක් විභාගයට සහභාගී වී සිටි බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ. ...