මතවාද

ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

ජවිපෙ ජනපති අපේක්ෂකයා අගෝස්තු මැද කරළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සංවාදය. මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වී නැහැ, අපේක්ෂකයා සොයාගැනීමේ එකඟතාවක් නැති නිසා. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වගේ ගැටලුවක් මතු වෙලාද? තවම අපේක්ෂකයා නැහැ නෙ…? අනෙක් පක්ෂවල වගේ අපේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් පොරයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, විද්වතුන්, කලාකරුවන් සිවිල් සංවිධාන ප්‍රගතිශීලී සංවිධාන එකමුතුවෙන් ජාතික ජන බලවේගයක් අපි පිහිටවූව්වා. ජනතා මධ්‍යස්ථානය අපි හැදුවා. ඒ ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු අප ඉදිරියේදී නම් කරනවා. ඒකට කිසිම තරගයක් පොරයක් නැහැ. කොහොමත් ලබන මාසේ මැද වනවිට අපේ ජනාධිපති අපේක්ෂකයා අප නම් කරනවා. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණෙන් නොවේද එන්නේ ? නැහැ, ගොඩනැඟෙන පුළුල් ජනතා පෙරමුණෙන් තමයි අපේක්ෂකයා ඉදිර
නිල මැදුර විවෘතයි / ඉදිරි අභියෝගත් ජයගන්නා බව අගමැති කියයි

නිල මැදුර විවෘතයි / ඉදිරි අභියෝගත් ජයගන්නා බව අගමැති කියයි

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් සියලු ආයතන එක් ස්ථානයට ගොනු කරමින් නාරාහේන්පිට , ඇල්විටිගල මාවතේ ඉදිකළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මැදුර නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ(25) විවෘත කෙරුණා. එම නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව අභියෝග රැසකට මුහුණ දෙමින් ඒවා ජයගත් බවයි. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කිරීමේ අරමුණෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා. නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ වැඩපිළිවෙල යටතේ මහල් විස්සකින් යුක්තව මෙය ඉදිකර තිබෙනවා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් කෝටි 558ක්. නව නිල මැදුර ගොඩනැගිල්ල තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ මෙන්ම කොළඹ දි
දිනන අස්පයෙක් ශ්‍රීලනිපයේ නෑ / ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ – දිලුම් අමුණුගම-Audio

දිනන අස්පයෙක් ශ්‍රීලනිපයේ නෑ / ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ – දිලුම් අමුණුගම-Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු නොමැති බව පොදුුජන පෙරමුණ අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා කියා සිටියේ නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට පොදුජන පෙරමුණ එකග වුවද ජයග්‍රහණය කළ නොහැකි අපේක්ෂකයකුට සහාය දීමට එකග නොවන බවයි. ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් කිහිපදෙනකුම පොදුජන පෙරමුණ සතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
ප්‍රහාරය තෙක්ම ආරක්ෂක මණ්ඩලයට කැදවුණේ නෑ / STF ප්‍රධානියා කියයි

ප්‍රහාරය තෙක්ම ආරක්ෂක මණ්ඩලයට කැදවුණේ නෑ / STF ප්‍රධානියා කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තෙක්ම තමන්ට ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙස කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අනාවරණ කර තිඛෙනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් 23 වැනිදා ආරක්ෂක කවුන්සිලයට සහභාගී වන ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බවද ලතීෆ් මහතා මෙහිදී අනාවරණ කළා. ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, විශ‍්‍රාමික මේජර් ජනරාල් ලාල් පෙරේරා ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන් කිහිපදෙනෙකු විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේ සාක්ෂි ලබා දීමට නියමිතයි.
කෝකටත් තෛලය ඡන්ද හිමි නාමලේඛනය

කෝකටත් තෛලය ඡන්ද හිමි නාමලේඛනය

එක් වරදකට එක් අයකුට දඬුවම් කළ හැක්කේ එක් වතාවකදී පමණක් බව ස්වභාවික යුක්ති මූල ධර්ම යටතේ සඳහන්ය. යම් අයකු බරපතළ ගණයේ අපරාධයක් සිදුකර බන්ධනාගාරගත වුවහොත් ඔහුගේ නම බන්ධනගාරගතව සිටින තෙක් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කරන්නේ නැත. අවුරුදු දෙකකට වැඩි කාලයක සිර දඬුවමක් නියම වුවහොත් නිදහස්ව පැමිණ අවුරුදු 07 ක් යන තෙක් ඔහුගේ නම ලියාපදිංචි නොකළ යුතු බව පනතේ දක්වා තිබේ. පියා කළ වරදට ඔහුගේ දරුවාට පාසල අහිමි වීමට මෙය හේතු වෙයි. පියා කළ වරදට එක් පැත්තකින් දරුවාද දඬුවම් විඳින තත්ත්වයක් මේ තුළ නිර්මාණය වෙයි.ඡන්ද ප්‍රතිශෝධන ලේඛනය ඉතා ගැටලුසහගත තත්ත්වයකට පත්ව තිබෙන්නේ මෙවැනි පාදක කරුණු හේතුවෙනි. වලංගු ඡන්ද හිමි නාම ලේඛනය යනු කෙනකුගේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන තීරණාත්මක ලේඛනයයි. ලේඛනය සකස් කිරීමේ ක්‍රියාවලිය සෑම වසරකම ජූනි මස 01 දින ආරම්භ වෙයි. මෙය 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත
ජනපතිවරණය දින 115ක් තුල / මහාචාර්යය ජී එල් පීරිස්

ජනපතිවරණය දින 115ක් තුල / මහාචාර්යය ජී එල් පීරිස්

තවත් දින 115කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇති බවත් අගේස්තු 11 දා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා රටටම හෙළි කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. “ජනාධිපතිවරණය පැවැත්වීමට තව දින එකසිය පහළොවක් පමණයි තිබෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළිව කියලා තියෙනවා නොවැම්බර් අවසානයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව. ඉදිරි මාස කිහිපයේ ජනතාවට නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ප‍්‍රකාශ කරනවා. මැතිවරණ කල් දැමීමට වත්මන් රජය තරම් කිසිම රජයක්, කිසිම නායකවරයෙක් කටයුතු කරපු කාලයක් අපි දැකලා නැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අගෝස්තු එකොලොස් වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර
ගැටළු විසදෙන තෙක් ඇමති ධූර එපා / මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ගැටළු විසදෙන තෙක් ඇමති ධූර එපා / මුස්ලිම් කොන්ග්‍රසය කියයි

මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට නිසි විසදුම් ලැබෙන තෙක් අමාත්‍ය ධුර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
මරණ දඩුවම වෙනුවෙන් හොදම ශෝක දිනය පසුවෙලා

මරණ දඩුවම වෙනුවෙන් හොදම ශෝක දිනය පසුවෙලා

මරණ දඩුවම අත්හිටුවීම හේතුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඊට වඩාත්ම උචිත දිනය වූයේ මරණ දඩුවම අත්හිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරීගොඩ මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා. <blockquote class="twitter-tweet"><p lang="en" dir="ltr">I have submitted a Private Member&#39;s Bill to the Parliament to abolish the death penalty says Bandula Lal Bandarigoda MP. The bill says &#39;(T)he reference in any law to the imposition of the death penalty or punishment by death, shall be construed punishment by imprisonment for life <a href="https://t.co/X5O3HtlTWV">pic.twitter.com/X5O3HtlTWV</a></p>&mdash; Sudarshana Gunawardana
බුද්ධිමය දේපළ නීතිය

බුද්ධිමය දේපළ නීතිය

ලෝක වෙළද සංවිධානය විසින් බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධව The Agreement Trade Related Aspects of Intellectual Property Rights (TRIPS) ජාත්‍යන්තර නෛතික ගිවිසුම හඳුන්වා දුන් අතර ඉන් ලෝක වෙළෙඳ සංවිධානයේ සියලු සාමාජිකයෝ බැඳී සිටිති. එමගින් බුද්ධිමය දේපළ නීති සම්බන්ධ රෙගුලාසි සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දි ඇති අතර එම ප්‍රමිතීන් ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයන් හට අදාළ වේ. TRIPS ගිවිසුම මගින් බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධව බහු පාර්ශ්වීය වෙළෙඳ ක්‍රියාපිළිවෙතක් ප්‍රථම වරට හඳුන්වා දුනි. ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකාව ද බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධ වු අවම ප්‍රමිතීන්වලට අනුගතවීමේ පියවරක් ලෙස 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත හදුන්වාදිය හැකිය. මේ අනුව බුද්ධිමය දේපළ පනත ශ්‍රි ලංකාව තුළ බුද්ධිමය දේපළ පමණක් නොව බුද්ධිමය දේපළ හිමිකරුවන්ගේ අයිත
සංචාරක කර්මාන්තයට සුබ කලක්

සංචාරක කර්මාන්තයට සුබ කලක්

'Why I Won't give up on Sri Lanka and you shouldn't either 'යන ශීර්ෂය යටතේ ලෝන්ලි ප්ලැනට් ලේඛිකා කැත්රිනා රිසෝමලිස් විසින් රචිත ලිපිය ලොව ප්‍රකට ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සමාගම සිය වෙබ් අඩවියේ පළ කිරීමත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරයට යහපත් කලක් උදාවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. සංචාරක මාර්ගෝපදේශන ග්‍රන්ථ නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන ආයතනයක් වන 'ලෝන්ලි ප්ලැනට්' සමඟ ලොව පුරා සංචාරක කටයුතුවල නිරත වන සංචාරකයන් පවත්වන්නේ සුවිශේෂී සබඳතාවකි. එනිසා ම 2019 වසරේ සංචාරකයකු අනිවාර්යයෙන් ම නැරඹිය යුතු රටවල ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීමට ශ්‍රී ලංකාවේ නම එක්කොට තිබීම මෙරට සංචාරක කර්මාන්තය තුළ නව පිබිදීමක් ඇති කිරීමට හේතුවකි. මෙම ශ්‍රේණීගත කිරීමට අනුව ශ්‍රී ලංකාව හැරුණු විට සංචාරකයකු නැරඹිය යුතු අනෙක් රටවල් අතර ජර්මනිය, සිම්බාබ්වේ, පැනමාව, කීර්ග
බදුර්දීන් අකුණු සන්නායකයක් වගේද ?

බදුර්දීන් අකුණු සන්නායකයක් වගේද ?

රිෂාඩ් බදියුදීන් හෙණ නොවදින සන්නායකයක් වගේ. මොන වැරැද්ද කළත් නීතිය ඉදිරියේ නිවැරැදිකරුවෙක් වෙනවා. එතුමාට ගෑවිලා ඉන්න කෙනකුටවත් කිසිවක් වෙන්නේ නෑ යැයි සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති. දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම අදහස් දැක්වූ දයාරතන හිමියෝ මෙසේද පැවැසූහ. “විශ්වාසභංගය දිනන්න බෑ කියලා දැනගෙනම ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ බොරුවට. ජනතා විමුක්ති පෙරමුණට මොනතරම් චෝදනා තිබුණත් ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට තියෙනවා. ඒක රැකගන්න තමයි විශ්වාසභංගයක් ගෙනාවේ. ශ්‍රී ධරන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ළමයි ඉදිරිපිටට ගිහින් වෛරී ප්‍රකාශයක් සිද්ධ කරනවා. හමුදාවට අප්‍රසාදය පළ කරමින් අපහාස කළා. මේ තුළින් ළමයින්ගේ මනසට බලපෑමක් කළේ නැද්ද? දැන් පාක්‍යසෝතිලාට බැරිද මේ ප්‍රකාශවලට විරු
විනාශකාරී ගමන නිසැක ලෙසම වෙනස් කළ යුතුයි

විනාශකාරී ගමන නිසැක ලෙසම වෙනස් කළ යුතුයි

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු දෙක පරාජයට පත්කිරීමට විසිරී ඇති තුන්වැනි විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කිරීමත් කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. “අපේ රට අතිශය විනාශකාරී අන්තයක් කරා ගමන් කරමින් තිබෙනවා. රටත් ජනතාවත් අතිශය පීඩාවට පත්ව සිටිනවා. ආර්ථිකයේ, සමාජයේ, පරිසරයේ ඇති විය හැකි විශාලතම හානිය වෙමින් තිබෙනවා. මෙම තත්වය වෙනස් කිරීම සඳහා අප ගත් වෙහෙසමෙතෙක් සාර්ථක වී නැහැ. හෘද සාක්ෂියක් තිබෙන කිසිවෙකුට රට ඉබාගාතේ යන මේ විනාශකාරී ගමන දෙස බලා සිටීමට අයිතියක් නැහැ. මේ විනාශකාරී ගමන නිසැක ලෙසම වෙනස් කළ යුතුව තිබෙනවා. අද සමාජය කඳවුරු තුනකට බෙදී තිබෙනවා. එකක් ගෝත‍්‍රවාදී අන්තයක් නියෝජනය කරනවා. අනෙක් පාර්ශ්වය නව ලිබරල් විනාශකාරී අන්තයක් නියෝ
පොතක බරසාරකම තීරණය වෙන්නෙ එහි අන්තර්ගතයෙන්

පොතක බරසාරකම තීරණය වෙන්නෙ එහි අන්තර්ගතයෙන්

පුවත්පත් කලාවේදී ප්‍රියන්ත ලියනගේගේ කුලුඳුල් නවකතාව ‘කොට තුවක්කු’ ජූලි 15 වෙනිදා සවස 3.00ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී දොරට වඩී. දේශපාලන අරගල පසුබිමක දිවෙන නවකතාවක් බැවින් එහිදී ‘71 සහ ‘88/ ‘89 අරගලයේ නියුතු සහෝදරවරුන් සිහිපත් කරමින් පොත් දෙකක් පිළිගැන්වීමද කෙරෙන අතර කෘතිය පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල හා සුදර්ශන සමරවීර අදහස් දක්වනු ඇත. ‘9 පබ්ලිෂින්’ ප්‍රකාශනයක් වන ‘කොට තුවක්කු’ කෘතිය පිළිබඳව කතුවරයා සමඟ පැවැත්වූ සංවාදයකි, මේ. 'කොට තුවක්කු' නවකතාව ගැන ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද? එය බරසාර කෘතියක්ද? පොතක බරසාරකම තීරණය වෙන්නෙ එහි අන්තර්ගතයෙන් කියලයි මං විශ්වාස කරන්නෙ. මේ පොත අන්තර්ගතයෙන් පවතින ජනප්‍රිය මතවාදයට යම් විරෝධාකල්පයක්. එත් ඒ නිසා මගේ පොත බරසාරයි හෝ ජනප්‍රියයි කියන්න මං ඉක්මං වෙන්නෙ නෑ. ඒක තීරණය කළ යුත්තෙ ඔබත් ඇතුළුව ‘කොට තුවක්කු’
තාමත් ශ්‍රීලනිපයේ / ඉදිරියේදී එජාපයේ

තාමත් ශ්‍රීලනිපයේ / ඉදිරියේදී එජාපයේ

ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා සමග සිදුකළ සංවාදයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් අද වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා. තවත් පිරිසක් ජනපතිවරයා හා එක්ව සිටිනවා. තවත් පිරිසක් එජාපයට එක්වීමට සූදානමින් සිටිනවා. ඔබ අයත්වන්නේ මින් කවර කොටසටද? මම තාම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේයි. මේ පක්ෂයට බැඳිලා දැන් වසර පනහක්වෙනවා. 1969 වසරේදී විශ්ව විද්‍යාලයේදී ශ්‍රී.ල.නි.ප. ශිෂ්‍ය සංගමයට බැඳී ශිෂ්‍ය සභාවලට තරග කළා. එතැන් පටන් දිගටම මා රැඳී සිටින්නේ ශ්‍රී.ල.නි.ප. පක්ෂයේයි. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නෑ. ඒත් අර කලින් හිටිය ස්ථාවරයේ යම් වෙනසක් වෙලා තිබෙනවා. ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම්වලට ඔබ සහභාගි වෙන්
ව්‍යවස්ථාවක් හදන්න ඕන දීර්ඝකාලීන අවශ්‍යතා ප්‍රමුඛ කරගෙනයි

ව්‍යවස්ථාවක් හදන්න ඕන දීර්ඝකාලීන අවශ්‍යතා ප්‍රමුඛ කරගෙනයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඇති වී තිබෙන මතභේදාත්මක අදහස් සම්බන්ධයෙන් පරිපාලන නීතිය හා ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයකු වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශාන්ත ජයවර්ධන සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි. • 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති ව්‍යවස්ථාවත්, පසුව ඇති වූ ව්‍යවස්ථාවත් අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? කාලයක සිට මේ රටේ විධායකය සතුව පැවති අසීමිත බලය පිළිබඳව විවේචන එල්ල වී තිබුණා. එනිසා ජනාධිපතිවරයා සතු වූ බලය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමෙන්තුවට හා කොමිෂන් සභාවලට පවරාදීම මඟින් සීමා කර තිබෙනවා. තවත් විදියකින් කිව්වොත් 1978 සිට 18 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනකම්ම ජනාධිපතිවරයා සතුව පැවති බලතල 19 වන සංශෝධනය හරහා අඩු කර තිබෙනවා. මීට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත
වෛද්‍ය ෂාෆි ගන විමර්ෂණ සාධාරණව කෙරෙනවා

වෛද්‍ය ෂාෆි ගන විමර්ෂණ සාධාරණව කෙරෙනවා

වෛ‍ද්‍ය සාෆිගේ ප්‍රශ්නය විමර්ශනයට පත්කළ කමිටුව පිළිගත නොහැකි බව පවසමින් සහ ඖෂධ මිලදී ගැනීම්, සයිටම් පවරා ගැනීම සම්බන්ධයෙන්, සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතැම්හු චෝදනා කරති. ඉහත චෝදනා ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැනත්, වත්මන් දේශපාලනයේ සංවාදාත්මක කරුණු ගැනත් අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේ පිළිතුරු දෙයි. * තනතුරෙන් අයින් වුණත් කඳවුරෙන් අයින් වෙන්නෙ නැහැ * සෞඛ්‍යයට නියම නිදහස දුන්නේ මම * මත්පැන් දුම්වැටි බදු ප්‍රතිපත්තිය නිවැරැදි වෙන්න ඕන * වෛද්‍ය සාෆිගෙ ඇත්ත හෙළි වෙද්දි ජී.එම්.ඕ. එක බයට කෑ ගහනවා * හොර සුරා වැඩි වෙන්නෙ දේශපාලනය නිසා සෞඛ්‍ය අමාත්‍යංශය ඔබට භාරදෙන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ වෙනස වුණාද? අපේ රටේ සෞඛ්‍ය නිදහස් කීවට නිදහසක් තිබුණේ නැහැ. නියම නිදහස දුන්නෙ මම.
සහරාන් පෝෂණය කළ අය අත්අඩංගුවට ගත යුතුයි

සහරාන් පෝෂණය කළ අය අත්අඩංගුවට ගත යුතුයි

සහරාන්ට එවකට මුදල් ලබාදෙමින් ඔහුව පෝෂණය කරමින් ශක්තිය ලබාදුන් අය වහාම අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. පාස්කු දිනයේ ප්‍රහාරයට ගොදුරු වුණ හා තුවාල ලැබූ සෑම පිරිසකටම ආණ්ඩුව අවශ්‍ය සහන ලබාදුන්නා. තවමත් ලබාදෙනවා. රජය ඉටුවිය යුතු සෑම වගකීමක්ම ඔවුන් වෙනුවෙන් ඉටුකරනවා. බඩගෝස්තර දේශපාලනය සිදුකරන්නත්, ආගමික අංශවල සමහර පිරිස, ඇතැම් නීතිඥවරු සහ කලාකරුවෝ ඇතැම් සිවිල් සංවිධාන අ‍මෙරිකා බියක් රට තුළ ඇති කිරීමේ අසත්‍ය පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුව රට විකුණන කණ්ඩායමක් ලෙසට අසත්‍ය ප්‍රචාර පතුරවමින් මේ අයගේ බලාපොරොත්තුව බලය ගැනීමයි. බලයට කෑදරකමින් මේ අය විවිධ තුරුම්පු ගෙනාවත් ඒ සියල්ලම වැරදුණා. පසුගිය ඔක්තෝබරයේ රට අස්ථාවර කළා. ඉන්පසුව බෝම්බ ප්‍රහාරය තුළින් සහ ජාතිවාදය තුළින
යකඩ මිනිස්සු ආවොත් රට වෙනස් වෙනවා / පාඨලී

යකඩ මිනිස්සු ආවොත් රට වෙනස් වෙනවා / පාඨලී

රාජ්‍ය හා පෞද්ගලික අංශවලට නිපුණතාවෙන් හා දක්ෂතාවෙන් පිරි 'යකඩ මිනිසුන් පිරිසක්' පැමිණියහොත් රට බලගතු පෙරළියකට ලක්කළ හැකි බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාපවසනවා. 'පන්නරය' වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. "මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පන්නරය තමයි අමාත්‍යාංශ ලේකම්තුමා, සභාපතිතුමන්ලා ඇතුළු අපේ වෘත්තියවේදී කණ්ඩායම. එවැනි කණ්ඩායමක් සමාජය තුළින් මතුවෙලා රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් පරාර්ථය මුල් කරගත්, ඒ වෙනුවෙන්ම වැඩ කරන කුසලතාවෙන්, නිපුණතාවෙන් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් අපේ සමාජයේ සුක්කානම රැගෙන යන නායකයන් බවට පත් කිරීම, ශක්තිමත් ඔරොත්තු දෙන, කරුණාවෙන් මෛත්‍රියෙන් උපේක්ෂාවෙන් යුතු යකඩ මිනිසුන් පිරිසක් බිහි කිරීමයි අපේ අපේක්ෂාව. අතීත අපේ සුවිසල් ශිෂ්ටාචාරයේ උරුමයත් රැගෙන යෑම ඒ තුළ
බොරු ප්‍රදර්ශන එපා- මරණ දඩුවම ප්‍රකාශිත නීතියෙන් ඉවත් කරන්න

බොරු ප්‍රදර්ශන එපා- මරණ දඩුවම ප්‍රකාශිත නීතියෙන් ඉවත් කරන්න

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අහෝසි කර දැමිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයකුට පැවරී ඇති බලතල අතර ඇති මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ලැබෙන බලතල අතිශය භයානක බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය පවසයි. මානව හිමිකම් ස්වේච්ඡා ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දී පැවැති වැඩමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය. එහිදී ඇය පෙන්වා දුන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ විධායක බලතල සීමා කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකය සතුවන බවයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත මෙම බලතලය අහෝසි කළ හැකි බව ඇය සඳහන් කළාය. 1
ශ්‍රීලනිපයේ ,හොරුන්ට ඉඩ නෑ / දයාසිරි කියයි

ශ්‍රීලනිපයේ ,හොරුන්ට ඉඩ නෑ / දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුල්වාදයට හොරකමට සහ මංකොල්ලකරුවන්ට ඉඩක් නොමැති පක්ෂයක් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම ගැන

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම ගැන

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලූ ප‍්‍රධාන පක්ෂ එම තීරණයට විරෝධය දක්වයි. පුරවැසි සංවිධාන එය හෙළාදැක තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙන්ම බොහෝ රටවල් ද, ජනාධිපතිවරයාගේ එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටී. මරණ දඬුවම යළි පැනවීම නිසා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත‍්‍රස්තවාදයට එරෙහිව දියත්ව ඇති සටන සඳහා වන ජාත්‍යන්තර සහයෝගයට බාධා පැමිණිමටත් අවකාශ ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. මරණ දඬුවම ක‍්‍රියාත්මක වන රටවල් සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ උදර්පණය කිරීමේ කටයුතු තහනම්