මොරටු පුවත්

සිංගල් ෂොට් කොරෝනා එන්නතට ලංකාවේ අවධානය
මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

සිංගල් ෂොට් කොරෝනා එන්නතට ලංකාවේ අවධානය

අමෙරිකාව විසින් අනුමැතිය ලබා දී ඇති එක් එන්නතක් ප්‍රමාණවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (සිංගල්ෂොට් එන්නත) සලකා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම එන්නත එක්වරක් ලබාදුන් පසු වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය හිමිවන බවයි මේ වන විට අනාවරණ කර ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ මෙරට නියාමන අංශ අවසරය ලබාදුනහොත් එම එන්නත පිළිබද වැඩි අවධානයක් යොමුකළ හැකි බවයි. අධි ශීතකරණයක් වෙනුවට සාමාන්‍ය ශීතකරණයක් තුළ ගබඩා කළ හැකි මෙම එන්නත මේ වන විට ඉහළ ඇගයීමකට ලක්ව තිබෙනවා. දැනට භාවිත අනෙක් සෑම කොරෝනා එන්නතක්ම මාත්‍රා දෙකකින් ලබාගත යුතුවන අතර එසේ නොවන එකම එන්නත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත පමණයි. කෙසේ වෙතත්, මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතය සඳහා අනුමැතිය ඉල්ලා අයදුම්පතක් ලැබී නොමැති බවද අනාවරණවී තිබෙනවා....
ඊයේ වැඩිම ආසාදිතයන් යාපනය , ඇඹිලිපිටිය , මහනුවර හා මොරටුවෙන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ වැඩිම ආසාදිතයන් යාපනය , ඇඹිලිපිටිය , මහනුවර හා මොරටුවෙන්

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් රත්නපුරයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 62 ක්. ඇඹිලිපිටියෙන් ආසාදිතයන් 32 ක් සොයාගෙන තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 59 යි. යාපනය නගරයෙන් ආසාදිතයන් 55 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 51 ක් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50 ක් වාර්තාවන අතර ඉන් 22ක් මහනුවර නගරයෙන් සොයාගෙන තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක් වාර්තාවූ අතර ඉන් 19 ක් මොරටුවෙන් වාර්තා වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35ක් හා විදෙස්ගතව පැමිණි 35 දෙනකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ...
ඊයේ (26) වැඩිම ආසාදිතයන් කොළඹ කොටුවෙන් , නුවරඑළියෙන් හා මිරිහානෙන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ (26) වැඩිම ආසාදිතයන් කොළඹ කොටුවෙන් , නුවරඑළියෙන් හා මිරිහානෙන්

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 151 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ කොටුවෙන් ආසාදිතයන් 30යි. මිරිහානෙන් 24 ක් , හෝමාගමින් 15 ක් වාර්තා වුණා. මිනුව්නගොඩින් 14 යි . නිට්ටඹුවෙන් 13 යි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 89 ක්. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 39ක් , රත්නපුරයෙන් 37 ක් හා නුවරඑළියෙන් 29 ක් හා මහනුවරින් ආසාදිතයන් 27ක් හඳුනා ගැණුනා. නුවරඑළිය නගරයෙන් පමණක් ආසාදිතයන් 26ක් වාර්තා වුණා.  ...
ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් මහනුවර නගරයෙන් හා වාද්දූවෙන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් මහනුවර නගරයෙන් හා වාද්දූවෙන්

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 518 ක් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 175 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. හෝමාගමින් ආසාදිතයන් 13 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 77 යි. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 41 ක් වාර්තා වී තිබුණා. මහනුවර නගරයෙන් ආසාදිතයන් 21 යි. කළුතරින් ආසාදිතයන් 37ක් වාර්තාවූ අතර ඉන් 17 ක් වාද්දූව ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් 28 ක් ද මීට ඇතුලත්. ...
මොරටුවේදී රිය අනතුරකින් මිය ගිය අයකුට කොරෝනා / රෝහලට ගෙන ගිය පොලිසියේ 5ක් නිරෝධානයනට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

මොරටුවේදී රිය අනතුරකින් මිය ගිය අයකුට කොරෝනා / රෝහලට ගෙන ගිය පොලිසියේ 5ක් නිරෝධානයනට

මොරටුව ,රාවතාවත්තේදී රිය අනතුරකට ලක්ව මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ රිය අනතුරෙන් තුවාල ලබා පසුව මිය ගිය එම පුද්ගලයා කොරෝනා ආසාදිතයකු ලෙස හදුනා ගැනීම සමගයි. මොරටුව රාවතාවත්ත සුදු ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටුණු 69 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට පොලිසිය මැදිහත්ව තිබුණේ පොලිසිය එම ස්ථානයට එන තෙක්ම කිසිවකු විසින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු නොකිරීම මතයි. තුවාලකරු පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙනගොස් තිබුණ ද එහිදී මරණයට පත්ව තිබුණා. මිය ගිය පුද්ගලයා පානදුර අළුබෝමුල්ලේ පදිංචිකරුවෙක්....
අදත් කොරෝනා මරණ 6ක් / සමස්ථය 409 යි13.3\
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

අදත් කොරෝනා මරණ 6ක් / සමස්ථය 409 යි13.3\

අද දිනයේ තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වුණා. පානදුර , විලඹය , පිළියන්දල,කොච්චිකඩේ , නයිනමඩම හා අම්බලන්ගොඩින් එම මරණ වාර්තාවනවා. මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 409 ක් බවට පත් වුණා.
ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹින් 280 යි /නාරාහේන්පිට 37 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් කොළඹින් 280 යි /නාරාහේන්පිට 37 යි

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් වාර්තා වුණා. එම සංඛ්‍යාව 280 ක්. නාරාහේන්පිටින් ආසාදිතයන් 37 ක්, කොළඹ කොටුවෙන් ආසාදිතයන් 25 යි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 180 යි. ගම්පහ නගරයෙන් ආසාදිතයන් 21 යි. කළුතරින් ආසාදිතයන් 59 ක් වාර්තාවූ අතර ඉන් 20 දෙනකු බුලත්සිංහලින්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 91 යි. මහනුවර නගරයෙන් ආසාදිතයන් 33 යි. රත්නපුරයෙන් ආසාදිතයන් 42 ක් හා කරුණෑගලින් ආසාදිතයන් 40ක් හදුනා ගැණුනා. ...
මාතර කොරෝනා වර්ධනයක් /කොළඹින් වැඩිම කොම්පඤ්ඤවීදිය හා එගොඩඋයනෙන්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

මාතර කොරෝනා වර්ධනයක් /කොළඹින් වැඩිම කොම්පඤ්ඤවීදිය හා එගොඩඋයනෙන්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 273 ක්. කොම්පඤ්ඤවීදියෙන් 31ක් හා මොරටුව එගොඩ උයනෙන් ආසාදිතයන් 26 ක් වාර්තා වුණා. බොරැල්ලෙන් 23ක් හා කොළඹ කොටුවෙන් ආසාදිතයන් 20ක් සොයාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 181 යි. මීගමුවෙන් ආසාදිතයන් 31 යි. මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 84 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80 ක්,මහනුවර දිස්ත්‍රික්කයෙන් 101 ක්,  කුරුණෑගලින් ආසාදිතයන් 79 ක්,  බැගින් වාර්තා වුණා. ...
ගතවූ පැය 24 තුල වැඩිම ආසාදිතයන් ජා ඇළින් (76) . කොළඹ ආසාදිතයන් (298) යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ පැය 24 තුල වැඩිම ආසාදිතයන් ජා ඇළින් (76) . කොළඹ ආසාදිතයන් (298) යි

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ගණන 298 ක්. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 41 ක් , මට්ටක්කුලියෙන් 32 ක්,වැල්ලම්පිටියෙන් 15 ක්, ගොතටුවෙන් 11ක් , බොරැල්ල,අවිස්සාවේල්ල,හා හෝමාගමින් 10 බැගින් හා මොරටුවෙන් ආසාදිතයන් 9ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 255 යි. ජැ ඇළින් 76 ක් හා ගම්පහින් 23ක්ද ඊට ඇතුලත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 81 ක්, කුරුණෑගලින් ආසාදිතයන් 72 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 71 ක් බැගින් වාර්තා වුණා. රත්නපුරයේ ආසාදිතයන් ගණන 32 ක්. ...
බස්නාහිර පාසල් විවෘත කරන දිනය මසකින් කල් දමයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

බස්නාහිර පාසල් විවෘත කරන දිනය මසකින් කල් දමයි

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා අද (10) පැවසුවේ ඒ අනුව දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492 න් පාසල් 412 ක් ලබන 15 වනදා විවෘත කරන බව අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් කොරෝනා අවදානම මෙන්ම , සාමාන්‍ය පෙළ විභාගය යන තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා....
මොරටුවෙන් අදත් කොරෝනා මරණයක් / දින 4ට කොරෝනා මරණ 2ක්
මොරටු පුවත්

මොරටුවෙන් අදත් කොරෝනා මරණයක් / දින 4ට කොරෝනා මරණ 2ක්

අද(09) මොරටුවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා. ඒ අනුව ගතවූ දින 4 තුල මොරටුවෙන් වාර්තාවූ දෙවන කොරෝනා මරණය මෙයයි. මියගිය පුද්ගලයා 81 හැවිරිදි අයකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඉකුත් 6 වනදා මොරටුවේ පදිංචිකරුවකු වූ 56 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වැළදී මරණයට පත්වුණා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි මියගොස් තිබුණේ. ...
කොළඹ පාසල් 492 න් 412 ක් පෙබරවාරි 15 ඇරඹීමට නිර්දේශ / Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

කොළඹ පාසල් 492 න් 412 ක් පෙබරවාරි 15 ඇරඹීමට නිර්දේශ / Audio

කොලඹ දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට නිර්දේශ ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ පෙබරවාරි 15 වනදා වන විට උතුරු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශයේ පාසල් 76 කින් 73 ක් විවෘත කිරීමට නියමිතයි. තිඹිරිගස්යාය කොට්ඨාශයේ පාසල් 54 ම එදින විවෘත කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා. ශ්‍රී ජයවර්ධනපුර කොට්ඨාශයේ පාසල් 31 න් 29 ක්,කොළාන්නාවේ සියළුම පාසල් (19) , කඩුවෙල කොට්ඨාශයේ රජයේ , පුද්ගලික පාසල් හා පිරිවෙන් වලින් 17 ක් විවෘත කිරීමට හැකියාව ඇති අතර තවත් 32ක් විවෘත කිරීමට මෙතෙක් අවසරය හිමිව නැහැ. හෝමාගම පාසල් 39 ම පෙබරවාරි 15 වනදා විවෘත කෙරෙන අතර පාදුක්කේ පාසල් 26න 11 ද , කැස්බෑවේ පාසල් 55 ම මහරගම පාසල් 32 න් 7ක් , දෙහිවල පාසල් 15 ම, රත්මලානේ පාසල් 27 න් 24 ක් ,හා මොරටුවේ පාසල් 28 ම පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට නියමිතයි. සීතාවක ...
මොරටුවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 9ක්
මොරටු පුවත්

මොරටුවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 9ක්

ගතවූ පැය 24 තුල මොරටුවෙන් නව කොරෝනා ආසාදිතයන් 9ක් හදුනාගෙන තිබෙනවා. ආසන්න ප්‍රදේශවල වන ගල්කිස්සෙන් ආසාදිතයන් 16 ක් හා පිළියන්දලින් ආසාදිතයන් 5ක් හදුනාගෙන තිබෙනවා.    
ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්
මොරටු පුවත්

ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්

ගතවූ දිනය තුල මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් හා එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. ආසන්න ප්‍රදේශවන පිළියන්දලින් ආසාදිතයන් 7ක් ක් හා රත්මලාන ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු හදුනා ගැණුනා. මේ අතර ගතවූ පැය 24 තුල ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 726 ක් හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 116 ක් .මට්ටක්කුලියෙන් ආසාදිතයන් 14 ක් , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 9ක් , හා පිළියන්දල ,මරදාන ප්‍රදේශවලින් ආසාදිතයන් 7 බැගින් හඳුනා ගැනුනා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් එම කාලය තුල හඳුනා ගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 88 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 63 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් එම කාලයේ වාර්තා වුණා. ...
මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට
මොරටු පුවත්

මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට

මොරටුවෙන් තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ (06) වාර්තාවූ කොරෝනා මරණ 8න් එක් මරණකරුවකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බවයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා. අනතුරුව මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි පෙබරවාරි 5 වනදා මරණයට පත්ව තිබුණේ. කොවිඩ් නිව්මෝනියාව හා පිළිකා රෝගී තත්ත්වයක් මරණයට මුල්වී තිබෙනවා. මීට පෙර අවස්ථා 2 කදී ද මොරටුවෙන් කොරෝනා ආසාදිත මරණ වාර්තා වුණා. ...
අද මොරටුවෙන් එක් කොරෝනා ආසාදිතයෙක්
මොරටු පුවත්

අද මොරටුවෙන් එක් කොරෝනා ආසාදිතයෙක්

අද දිනයේ මොරටුවෙන් එක් කොරෝනා ආසාදිතයකු හදුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේ ආසාදිතයන් 24 දෙනකු ප්‍රදේශයෙන් හදුනාගෙන තිබුණා. මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 11ක්.    
ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් / කඩුවෙල 28 යි – මොරටුව 24 යි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹින් / කඩුවෙල 28 යි – මොරටුව 24 යි

ඊයේ (05) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම ආසාදිතයන් ගණන 277 ක්. කඩුවෙලින් ආසාදිතයන් 28 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 24ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92 ක් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් , කුරණෑගලින් ආසාදිතයන් 44 ක් හා , කළුතරින් ආසාදිතයන් 37 ක් වාර්තාවී තිබුණා. ...
මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්
මොරටු පුවත්

මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර පදික වෙළඳාමේ යෙදෙන පිරිස ඉවත් කිරීමේ අවස්ථාවට යන නිලධාරීන් වෙත මොරටුව පොලිසිය විසින් ආරක්ෂාව සැපයූවේ නැති බව පවසමින් පොලිසියට එරෙහි පැමිණිලි 7ක් අද(25) ඉදිරිපත් කළ බව මොරටුව නාගරික කොමසාරිස් එස්.බී තෙවරප්පෙරුම මහතා පැවැසීය. ඒ අනුව නාගරික කොමසාරිස් වන තමා ඇතුළු ඉංජිනේරුවරයා, ප්‍රධාන ආදායම් පරීක්ෂක, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගණකාධිකාරි, සෞඛ්‍ය පරීපාලක, ක්ෂේත්‍ර පරිපාල යන මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. නාගරික තදාසන්න කලාපයේ අනවසර වෙළඳුන් මාර්ගයේ ගමන් කරන රථවාහන සඳහා මෙන්ම පදිකයන්ට ද අවහිර වෙන ආකාරයට සිදුකරන අනවසර වෙළඳාම හේතුවෙන්  ගැටලු මතුව ඇතැයි ඒ මහතා පැවසීය. එහෙයින් මොරටුව මහ නගර සභා පනත ප්‍රකාරව අදාළ  අනවසර වෙළදාම් ඉවත් කිරීමට කටයුතු කරන්නට සැලසුම් කල අතර එකී අවස්ථාවට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව හා වාචිකව සිදු කරනු ලැබූ ඉල්ලීමකට පොලිසියෙන්...
ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් /මොරටුවේත් ආසාදිතයන්ගේ වර්ධනයක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මොරටු පුවත්, වැඩියෙන් නැරඹූ

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් /මොරටුවේත් ආසාදිතයන්ගේ වර්ධනයක්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 298 ක්. මට්ටක්කුලිය, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවලින් ආසාදිතයන් 24 බැගින් වාර්තා වන අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 21 ක් සොයාගෙන තිබෙනවා. මොරටුව,බොරැල්ල හා කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 14ක් බැගින් හඳුනාගෙන තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තාවූ ආසාදිතයන් 203 දෙනා අතරින් , වත්තලින් 26 ක් හා ජා ඇලින් 21ක් සොයාගෙන තිබුණා. මහනුවරින් 56 ක්, කළුතරින් 42 ක් , කරුණෑගලින් හා රත්නපුරයෙන් ආසාදිතයන් 37 බැගින් ද වාර්තා වුණා. මාතරින් 35 ක් , ගාල්ලෙන් 34 ක් ද ඇතුළුව දිස්ත්‍රික්ක 20කින් ඊයේ ආසාදිතයන් වාර්තා වුණා. විදෙස්ගතව සිට පැමිණි 40 දෙනකු ද මේ අතරට ඇතුලත්....