ලෝකය වටා

පිලීපීනයට න්‍යෂ්ඨික අවි ගේන්න එපා / පිලිපීන ජනපති අමෙරිකාවට දන්වයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

පිලීපීනයට න්‍යෂ්ඨික අවි ගේන්න එපා / පිලිපීන ජනපති අමෙරිකාවට දන්වයි

අමෙරිකාව තම රට තුල න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීමට තැත් කළහොත් අමෙරිකාව සමග ආරක්ෂක එකඟතාවයෙන් බවත් වන පිලිපීන ජනපති රොඩ්රිගු දුතර්තේ මහතා පවසනවා. ඔහු කියා සිටියේ චීනය සමග කවර ගැටළු පැවතියද තම රට තුල න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීමට ඉඩ දිය නොහැකි බවයි. ඒ අනුව අමෙරිකානු කදවුරු රට තුල අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් න්‍යෂ්ඨික අවි පිලිපීනය තුලට ගෙන ඒමේ අපේක්ෂා ඉවත් කර ගන්නා ලෙසයි ඔහු අමෙරිකාවට දැනුම්දී ඇත්තේ. දෙරට අතර මතභේදතා පැවතියද මෙම සතිය තුල චීනය විසින් සිනොවැක්ස් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පිලිපීනයට පරිත්‍යාග කර තිබුණා. කෙසේ වෙතත් පසුගිය සතියේදී පිලිපීනය අවධාරණය කළේ දකුණු දීන මුහුදේදී තම හමුදාවන්ට පහර දුනහොත් චීනයටද ප්‍රති ප්‍රහාර එල්ලකරන බවයි. ...
ඉන්දු පකිස්ථාන සාම ගිවිසුමට කාශ්මීරයේ ප්‍රසාදය
ලෝකය වටා

ඉන්දු පකිස්ථාන සාම ගිවිසුමට කාශ්මීරයේ ප්‍රසාදය

ඉන්දියාව හා පකිස්ථානය අතර දේශසීමේ ගැටුම් වැළැක්වීමට ගත් එකඟතාවය පිළිබද කාශ්මීරයේ වැසියන් ස්තුතිය පළකර තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර කාශ්මීරය මුල්කරගත් ගැටුම් හේතුවෙන් කාශ්මීරයේ ජනතාව අඛණ්ඩව පීඩාවට පත්වීම සමගයි. පාකිස්ථානය මේ සදහා ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාවය පළකිරීම පිළිබද ඉන්දීය මධ්‍යම රජයටද කාශ්මීර වැසියන් ස්තුතිය පළකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේ අතර දිගුකාලීන සාමයක් වෙනුවෙන් ඉන්දු පකිස්ථාන සාකච්ජා ක්‍රියාත්මකවීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙනවා. එය දෙරටටම සුබවාදී තත්ත්වයක් බවයි කාශ්මීර වැසියන් පවසන්නේ....
ජමාල් කෂෝගි ඝාතන චෝදනා මත අමෙරිකානු / සවුදි මිත්‍රත්වය අනතුරේ
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ජමාල් කෂෝගි ඝාතන චෝදනා මත අමෙරිකානු / සවුදි මිත්‍රත්වය අනතුරේ

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ හිටපු මාධ්‍යවේදියකු වූ ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සවුදියේ ඔටුන්න හිමි කුමරුට කඩිනමින් දඩුවම් ලබාදිය යුතු බව ඝාතනය වූ මාධ්‍යවේදියාගේ පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් පවසනවා. අමෙරිකානු බුද්ධි අංශ විසින් සිදුකළ පරීක්ෂණයක් අනුව අනාවරණවී තිබුණේ සවුදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු මෙම ඝාතනය සඳහා අනුබල දී ඇති බවයි. 2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී මෙම ඝාතනය සිදුකර තිබුණා. එහිදී ජමාල් කෂෝගි ගාතනය කර සිරුර කුඩා කොටස්වලට වෙන්කර අතුරුදන් කළ බවටයි සවුදි අරාබියට චෝදනා එල්ලවුණේ. කෙසේ වෙතත් එහි වගකිවයුත්තන් බව පවසමින් කිහිපදෙනකුට මරණ දඩුවම ලබාදීමට සවුදි අරාබිය කටයුතු කළා. නවතම වාර්තාවෙන් සල්මාන් කුමරුට අමෙරිකාව චෝදනා කිරීමෙන් පසු සවුදි අරාබිය කියා සිටියේ අමෙරිකාව සිය උපායමාර්ගික සහකරුට බලපෑම් කිරීමෙන් වැළකිය...
චීනයේ සිට රාත්‍රියේ මියන්මාරයට අබිරහස් ගුවන් යානා / විරෝධතාකරුවන්ගෙන් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයේ සිට රාත්‍රියේ මියන්මාරයට අබිරහස් ගුවන් යානා / විරෝධතාකරුවන්ගෙන් චෝදනා

මියන්මාර හමුදාව විසින් එරටට ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කර තිබියදීත් සෑම රාත්‍රියකම චීනයේ සිට මියන්මාරයට ගුවන් ගමන් කිහිපයක් සිදුවෙමින් පවතින බව මියන්මාර වැසියන් චෝදනා කර තිබෙනවා. මෙම ගුවන් යානා ලියංපදිංචි නොවූ ගුවන් ගමන්වල නිරත වන අතර සැක සහිත භාණ්ඩ එමගින් රට තුලට ගෙන එමින් පවති බවටයි චෝදනා එල්ලවන්නේ. කෙසේ වෙතත් චීන රජය සහ මියන්මාර ගුවන් සේවය කියා සිටියේ අදාළ ගුවන් යානා මගින් මුහුදු ආහාර මියන්මාරයට යොමුකරන බවයි. විරෝධතා මැඩපැවැත්වීම සඳහා මියන්මාර හමුදාවට චීනයෙන් අවි ආයුධ සැපයීම මේ හරහා සිදුවන බවයි හමුදා පාලනයට එරෙහි පාර්ශව පවසන්නේ. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයේ සහයෝගයක් ඇතැයි ආරම්භයේ සිටම චෝදනා එල්ලවූ අතර එය මෙම සිදුවීම්වලින් තහවුරු වෙමින් පවතින බවද අදාළ වාර්තා සදහන් කරනවා....
ජිනීවා හීදී චීනයටත් මිෂෙල් බැචෙලෙට්ගෙන් මානව හිමිකම් චෝදනා
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ජිනීවා හීදී චීනයටත් මිෂෙල් බැචෙලෙට්ගෙන් මානව හිමිකම් චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී චීනයට ද දැඩි චෝදනා එල්ලවී තිබෙනවා. ඒ අනුව සින්ජියැන් හි උයිගර් මුස්ලිම්වරුන්ට සහ හොංකොං වැසියන්ට ජාතික ආරක්ෂක නීතිය යටතේ මර්දනයන් එල්ල කරමින් සිටින බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් ප්‍රකාශ කළේ. චීනය මූලික සිවිල් අයිතිවාසිකම් මර්දනය කරමින් ජාතික ආරක්ෂාව තර කිරීමේ උත්සාහයක නිරත වන බවටයි මානව හිමිකම් සැසිවාරය හමුවේදී අවධාරණය කර ඇත්තේ. ඒ චීනයට අදාළව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවකට අනුවයි. චීනයේ සමාජ ක්‍රියාකාරීන්, නීතීඥයන් සහ මානව හිමිකම් පිළිබද උනන්දුවන්නන් මෙන්ම විදේශීය ජාතිකයන් පවා අත්තනෝමතික අපරාධ චෝදනා මත රඳවා තබා ගැනීම හෝ අසාධාරණ නඩු පැවරීම් සිදුව ඇතැයි ද කොමසාරිස්වරාය චෝදනා කරනවා. කෙසේ වෙතත් චීනය පවසන්නේ මෙම චෝදනා දේශපාලනික වන අතර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හා නිර්දේශ බැහැර කරන බවයි....
ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළට / 2024 ජනපති සටනටත් සැරසෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළට / 2024 ජනපති සටනටත් සැරසෙයි

2024 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග කිරීම පිළිබද යළි සළකා බලමින් පවතින බව හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. යළිත් රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඒ සඳහා ඉදිරිපත්වීමටයි ඔහුගේ අවධානය යොමුකර ඇත්තේ. තමන් නව පක්ෂයක් නිර්මාණය කරමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරයන පුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනතාවගේ සහායෙන් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාගත හැකි බවත් ඉන් පසු යළිත් ධවල මන්දිරයට පැමිණීමට හැකියාව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, සිය ආධාරකරුවන් පිරිසක් අමතමින්. අමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයවීමෙන් පසු හා දෝෂාභියෝගය ජය ගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වර්ධනය වෙමින් පවතින බවයි අමෙරිකානු සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තහනමක් පැවතීම හේතුවෙන් ඔහුගේ අදහස් මහජනතාව වෙත අඩුවශයෙන්...
පකිස්ථානයේ ණය ඉහළට / ඉන්දියාව කියයි
ලෝකය වටා

පකිස්ථානයේ ණය ඉහළට / ඉන්දියාව කියයි

පාකිස්තානයේ මූල්‍ය ණය අඛණ්ඩව ඉහළයමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව 2021 වසරේ මුල් මාස කිහිපය තුල පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක විදේශ ණය පකිස්ථානය විසින් ලබාගෙන ඇති බවයි එම වාර්තා පවසන්නේ. එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පතට අනුව, පකිස්ථාන ආර්ථික කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේ 2020-/21 මුදල් වර්ෂයේ ජූලි- -ජනවාරි කාලය තුළ රජය විවිධ මූල්‍ය මූලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක බාහිර ණය ලබාගෙන ඇති බවයි. ඒ අනුව පකිස්ථානය ණය උගුලක පැටලෙමින් පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා. පකිස්ථානයේ ණය චීනය හරහා ලබා ගැනීම පිළිබද අඅවධානය යොමුකරමිනුයි ඉන්දීය මාධ්‍ය මේ බව හෙලිකර ඇත්තේ....
අරාබි මුහුදේදී අමෙරිකානු යුධ නැව් 2ක හදිසි තත්ත්වයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අරාබි මුහුදේදී අමෙරිකානු යුධ නැව් 2ක හදිසි තත්ත්වයක්

මැද පෙරදිග කලාපයේ රදවා තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නැව් දෙකක හටගත් හදිසි තත්ත්වයක් හේතුවෙන් එම නෞකා දෙක බහරේනය වෙත ගමන් කර තිබෙනවා. ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මෙම නෞකා දෙක තුල කොරෝනා වෛරසය අවදානම් මට්ටමින් පැතිරයාම සමග මෙම හදිසි පියවර ගෙන ඇති බවයි. මේ අතරින් යූ එස් එස් සැන් ඩියාගෝ යුධ නැවේ හමුදා සාමාජිකයන් 600 ක් හා යූ එස් එස් පිලිපීන් නැවේ යුධ භටයන් 380ක් රැදී සිටින බවයි හෙලිකර ඇත්තේ. නෞකා දෙක තුලම ආසාදිතයන් විශාල පිරිසක් වාර්තාවන බවද තහවුරු කර තිබුණා. කෙසේ වෙතත් නෞකාවලට වෛරසය ඇතුලුවූ ආකාරය සැක සහිත බවයි ප්‍රකාශ වන්නේ. ඒ නිරෝධායන කාලයන් හා අවශ්‍ය පරීක්ෂණවලින් පසුව පමණක් මෙම භටයන් නෞකාවල සේවයට එක්කරගෙන තිබීම මතයි. කොරෝනා වසංගතය ආරම්භ වූ සමයේ අමෙරිකාවේ යූ එස් එස් තියොඩොර් රූස්වෙල්ට් නෞකාවේ ද මෙවන් තත්ත්වයක් හටගත් අතර එහි රැදී සිටි භටයන් 4800ක් එම අවදානමට ගොදුර...
මියන්මාරයේ විරෝධතාකරුවන්ට වෙඩි තබයි / 11ක් මරුට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාරයේ විරෝධතාකරුවන්ට වෙඩි තබයි / 11ක් මරුට

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවලට අද එල්ලවූ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනකු මරණයට පත්ව තිබෙනවා. මියන්මාර පොලිසිය සිදුකළ මෙම වෙඩි තැබීම්වලින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාලකරුවන් රෝහල්වලට ගෙනයාමට පවා බාධා මතුකිරීම මත ඇතැම් පිරිස් මාර්ග තුලම මිය ගොස් සිටින ආකාරයේ දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැනට මියන්මාරයේ හමුදාවට එරෙහි විරෝධතා තුල මිය ගිය ගණන 14ක්. මේ අතර මියන්මාර හමුදා පාලනය පවසන්නේ විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරියකු ද මියගොස් ඇති බවයි. විරෝධතා අතරතුර තවත් 470 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන බවයි ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ....
ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් නිපදවීමට ඉන්දියාව සූදානමින්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් නිපදවීමට ඉන්දියාව සූදානමින්

ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව ඇතැයි නැෂනල් ඉන්ට්‍රස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ නාවික යුද බලය වර්ධනය කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බවයි එම වාර්තාව පවසන්නේ. මේ වන විට ඉන්දියාව සතුව ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකා 2ක් පවතින අතර ඒවා නම් කර ඇත්තේ ,වික්‍රමාදිත්‍ය හා විරාත් ලෙසයි. ඉදිරියේ දී කලාපීය අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාවේ යුධ බලය වර්ධනය කිරීම පිළිබද මේ වන විටත් දැඩි අවධානයක් යොමුකර ඇති බවයි නැෂනල් ඉන්ට්‍රස්ට් පවසන්නේ. ඒ අනුව ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඝනයක් ලෙස මෙය වර්ධනය කරනු ඇති බවටද විශ්වාසය පල කර තිබෙනවා. දැනට අමෙරිකාව සතුව ගුවන් යානා ප්‍රවාහන නෞකා 21ක් පවතින අතර චීනය සතුවද එම නෞකා 2ක් පවතිනවා. චීනය තවත් එම වර්ගයේ නෞකා දෙකක් නිපදවන අතර ඉන්දියාවද තවත් නෞකා 4ක් පමණ නිපදවනු ඇති බවයි මෙම වාර්තා පවසන්නේ....
ඉරාන පකිස්ථාන දේශසීමේ වෙඩි තැබීමක්  / ඉරානය පරීක්ෂණ අරඹයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ඉරාන පකිස්ථාන දේශසීමේ වෙඩි තැබීමක් / ඉරානය පරීක්ෂණ අරඹයි

ඉරාන - පාකිස්තානයේ දේශ සීමාවේදී සිදුවූ වෙඩි තැබීමකින් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු මිය යාම පිළිබද විමර්ශන අරඹා ඇති බව ඉරාන රජය පවසනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු පකිස්ථානය විසින් ඉරානයට භාරදී ඇති බවයි ඉරාන මාධ්‍ය පවසන්නේ. මෙම ඝාතනය සමග ඉරානයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ආරම්භ වූ අතර ආගමික නායකයන්ගේ සහායෙන් ඒවා අත්හිටුවා තිබෙනවා. ඒ ඉරානය විසින් මේ සම්බන්ධ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එකඟවීම සමගයි. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සයීඩ් ඛතිබ්සාදී පැවසුවේ ,මෙම ඝාතනවලට හේතුව පකිස්ථානය විසින් පැහැදිලි කළ යුතු බවයි. මෙම ඝාතනයක් සමග ගිනිකොනදිග ඉරානයේ ආණ්ඩුකාර කාර්යාලයකට විරෝධතාකරුවන් කඩා වැදී මෝටර් රථ ගිනිතබා කළහකාරී ලෙස හැසිරී තිබුණා....
මුහුදේදී අනතුරට පත්වූ රෝහින්ග්යා සරණාගතයින් 81ක් ඉන්දියාවෙන් බේරාගනී
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මුහුදේදී අනතුරට පත්වූ රෝහින්ග්යා සරණාගතයින් 81ක් ඉන්දියාවෙන් බේරාගනී

අන්දමන් මුහුදේ දී අනතුරට පත්ව සිටි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් 81 දෙනකු ඉන්දීය නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. පකිස්ථාන් ට්‍රිබියුන් වෙබ් අඩවිය පැවසුවේ මෙම සරණාගතයන් රැගත් යාත්‍රාව මුහුදේදී යාත්‍රාවක ගැටීමෙන් පසු අක්‍රියවී තිබූ බවයි. එහිදී 8 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව තිබෙනවා. අනෙක් 81 දෙනා දින 4ක් පුරා අක්‍රියවූ යාත්‍රාවේ රැැදී සිට ඇති අතර ඔවුන් විජලන තත්ත්වයේ පසුවූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. පසුගිය සමයේ බංග්ලාදේශයට පලාගිය මෙම පිරිස එරටින් යාත්‍රාවක නැගී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති වද හෙලිව තිබෙනවා. කෙසේ වෙතත් බේරාගත් පිරිස යලි හරවා යවන අතර ඔවුන්ට ඉන්දියාවට පැමිණීමට අවසර නොදෙන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසන්නේ....
ජිනීවා හී මියන්මාර නියෝජිතයා හමුදා පාලනය විසින් ධුරයෙන් නෙරපයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

ජිනීවා හී මියන්මාර නියෝජිතයා හමුදා පාලනය විසින් ධුරයෙන් නෙරපයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හමුවේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව හඩ නැගූ එම සංවිධානයේ මියන්මාර නිත්‍ය නියෝජිත Kyaw Moe Tun වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් නෙරපීමට මියන්මාර හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා. මෙවර මානව හිමිකම් සැසිවාරය අමතමින් මියන්මාර නියෝජිතයා සංවේදී කතාවක් සිදුකළ අතර හමුදා පාලනය සමග කිසිදු ආකාරයක සාකච්ජාවකට එක්නොවන ලෙසත් ඔවුන් පිළි නොගන්නා ලෙසත් Kyaw Moe Tun ලෝකයෙන් ඉල්ලා සිටියා. මියන්මාර කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව විරෝධය දක්වන හස්ත සංඥාව ද ඔහු සැසිවාරය හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබුවා. කෙසේ වෙතත් එය නීති විරෝධී ක්‍රියාවක් බවයි මියන්මාර හමුදා පාලනය පවසන්නේ. ඒ අනුව Kyaw Moe Tun යළි මියන්මාරය වෙත පැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද මතුව තිබෙනවා....
මිනිසකු ඝාතනය කළ කුකුළෙක් පොලිසිය භාරයට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මිනිසකු ඝාතනය කළ කුකුළෙක් පොලිසිය භාරයට

දකුණු ඉන්දියාවේදී මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් කුකුළකු පොලිසිය භාරයට ගෙන තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ , පොර කුකුළන් කෙටවීමේ නීති විරෝධී තරගයක් අතරතුර මෙම කුකුළාගේ හිමිකරු මියගොස් ඇති බවයි. කුකුළන් කෙටවීමේදී එම සතුන්ගේ සිරුරට කුඩා පිහිට බැගින් සවිකර තිබූ බවත් කුකුළු පොරයෙන් පසුව එම සත්ත්වයා අසලට යාමේදී හිමිකරුගේ සිරුරේ එම පිහිය ඇනී ඇති බවත් බී බී සී වාර්තා කළා. අනතුරුව අධික ලේ වහනය මතයි එම පුද්ගලයා මියගොස් ඇත්තේ. දකුණු ඉන්දියාවේ පොර කුකුළන් කෙටවීම තහනම් වුවද නීති විරෝධී අයුරින් මෙම කටයුතු සිදුවන බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. මෙම කුකුළන් කෙටවීමට එක්ව සිටි 15 දෙනකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතයි. පොලිසිය භාරයට ගත් කුකුළාගේ ඉරණම ද අධිකරණය හමුවේ විසදීමට නියමිතව තිබෙනවා....
චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් වර්ධනය වීම හා ඊට ජපානය දැඩි විරෝධය පළ කිරීමෙන් පසුවයි අමෙරිකාව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. චීනය මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවටයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , ජෝන් කිර්බි පැවසුවේ. දැනට එම දූපත්වල අයිතිය ජපානය සතුවන බැවින් එහි සැබෑ හිමිකරුවන් ලෙස ජපානයට සහාය දක්වන බවද මෙමගින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් චීනය පෙන්වා දෙන්නේ සෙන්කාකු දූපත් ආශ්‍රිත කළාපය චීන මහා ගොඩබිමට අයත් වන බවයි. එහි වෙනත් කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවද චීනය අවධාරණය කරනවා. ඒ අනුව අනවරසයෙන් එම මුහුදු කලාපයට පිවිසෙන්නන්ට පහරදීමටයි චීන හමුදාවට අවසර ලබාදී ඇත්තේ...
පැහැරගත් පාසල් සිසුවියන් 317 දෙනා මුදාගැනීමට නයිජීරියාවේ හදිසි මෙහෙයුමක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

පැහැරගත් පාසල් සිසුවියන් 317 දෙනා මුදාගැනීමට නයිජීරියාවේ හදිසි මෙහෙයුමක්

නයිජීරියාවේ සම්ෆාරා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගත් දැරියන් 317 දෙනෙකු සොාය එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ, වයස අවුරුදු 12 ත් 16 ත් අතර දැරියන් පිරිසක් සටන්කාමීන් විසින් මෙසේ පැහැරගෙන ඇති බවයි. සිද්ධියෙන් කෝපයට පත්ව සිටින සම්ෆාරා හී ජනතාව කළහකාරී ලෙස හැසිරීම වැළැක්වීම සඳහා මෙම මෙහෙයුම් කඩිනම් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද දැරියන් මෙසේ පැහැරගෙන යාම හෙළා දැක තිබෙනවා. නයිජීරියාවේ පාසල් සිසුවියන් කප්පම් ලබා ගැනීම හා ත්‍රස්ත ක්‍රියාකාරකම් වෙනුවෙන් අවස්ථා රැසකදී පැහැරගෙන ගොස් තිබෙනවා. ඇතැම් දැරියන් ලිංගික වහලුන් ලෙස රදවා ගනිමින් පවතින බවද එම වාර්තා අනාවරණ කළා....
වසංගතය මුල් අවදියේ ඇත්ත සගවලා / හිටපු අමෙරිකානු ලොක්කෙක් කියයි
ලෝකය වටා

වසංගතය මුල් අවදියේ ඇත්ත සගවලා / හිටපු අමෙරිකානු ලොක්කෙක් කියයි

කොරෝනා වසංගතයේ මුල් අවධිය තුල එහි තොරතුරු සැගවීමට චීනය තැත් කළ බව එක්සත් ජනපදයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මැට් පොටින්ගර් පවසනවා. සී බී එස් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසන්නේ ,ලෝකයට සඟවා වසංගතය තම රට තුලින් වනසා දැමීමට චීනය තැත් කළ බවයි. චීන හමුදා පිළිබද තැබූ අධික තක්සේරුව වැරදීයාමෙන් වසංගතය ලෝකයටම ව්‍යාප්තවූ බව ද මැට් පොටින්ගර් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එය චීනයේ ගෞරවය රැකගැනීමේ අරමුණින් සිදුකළ උත්සාහයක් බවත් ලෝකයම එහි ගොදුරක් බවට පත්ව ඇත.ි බවත් ඔහු අවධාරණය කළා....
කුරුළු උණ(H5N8) මිනිසාට වැළදුණත් වසංගත අවදානමක් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කුරුළු උණ(H5N8) මිනිසාට වැළදුණත් වසංගත අවදානමක් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානය

H5N8 කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වන බව පසුගියදා හඳුනාගනු ලැබුවද එය මිනිසා අතර පැතිරයාමේ අවදානම ඉතා අවම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රුසියාවෙන් ආසාදිතයන් 7 දෙනකු හදුනාගැනීම පිළිබද අධ්‍යයනය කිරීමෙන් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ එහි වසංගත අවදානමක් නොමැති බවයි. 2009 වසරේදී H1N1 කුරුළු උණ ලෝකය පුරා පැතිර ගිය අතර එය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ. එහෙත් H5N8 වෛරසය හරහා එම අවදානම අවම බවයි පර්යේෂකයන් අනාවරණ කළේ. ඉතිහාසයේ මුල්වරට එම වෛරසය මිනිසාට වැළදෙන බව හෙලිකර ගැණුනේ රුසියාවෙන් හමුවූ ආසාදිතයන් මගිනුයි. ඔවුන් සියලු දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ පිළිබද තවත් අධ්‍යයනය කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ....
කොරෝනා ආරම්භයේ පරීක්ෂණ ගැන ජපන් විද්‍යාඥයකුගෙන් නව මතයක්
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

කොරෝනා ආරම්භයේ පරීක්ෂණ ගැන ජපන් විද්‍යාඥයකුගෙන් නව මතයක්

කොරෝනා වසංගතයේ මූලාරම්භය සොයා බැලීම සඳහා චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ෂකයන්ට ඇතුලත් වූ ජපාන විද්‍යාඥයකු එම පරීක්ෂණ පිළිබද වෙනස් මතයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජපන් ජාතික වසංගත රෝග විශේෂඥ කෙන් මේඩා පවසන්නේ, කොරෝනා වෛරසය බැහැරක සිට චීනයට ළගාවූ බව සහතික කිරීමට ප්‍රමාණවත් සාධක නොමැති බවයි. චීනය එම මතයේ දැඩිව එළඹ සිටිය ද එය තහවුරු කළ හැකි සාධක චීනයෙන් හමු නොවූ බවද විශේෂඥයා පැවසුවා. මේ අතර කෙන් මේඩාගේ තවත් මතයක් වන්නේ , චීනයේ සතුන් හරහා කොරෝනා වසංගතය ව්‍යාප්තවූ බවටද කිසිදු සාධකයක් පර්යේෂණ කණ්ඩායමට හමු නොවූ බවයි. මුහුදු ආහාර වෙළදසල හෝ වෙනත් ස්ථානයකින් වෛරසයට අදාළ ප්‍රමාණවත් දත්ත නොලැබුණ බවද ඔහු කියා සිටියා. ශිත කළ ආහාර හරහා වෙනත් රටක සිට චීනයට ඇතුළුවී ලෝකය පුරා වෛරසය ව්‍යාප්ත වූ බව පිළිගැනීම ප්‍රශස්ත නිගමනයක් නොවන බවද ජපාන පර්යේෂකයා පවසනවා. ඒ අනුව චීනයේ වසංගත ආරම්භය පිළිබද යලි සාධනීය...
චීන හමුදාවට අපහාස කළ 6ක් අත්අඩංගුවේ
ලෝකය වටා

චීන හමුදාවට අපහාස කළ 6ක් අත්අඩංගුවේ

ඉන්දීය හා චීන හමුදා අතර ගැල්වාන් නිම්නයේ පසුගිය වසරේ හටගත් ගැටුම පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන කළ 6 දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශගතව වාසය කරන තවත් පුද්ගලයකු ද මේ යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි චීන වාර්තා පවසන්නේ මෙම ගැටුමේදී එක් මහජන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇති අතර සොල්දාදුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පසුගිය සිකුරාදා චීනය පිළිගනු ලැබුවා. මේ පිළිබද විවේචනය කළ එක් පුද්ගලයකු බ්ලොග්කරුවකු වන අතර ඔහු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා. චීනයේ දේශසීමාව ආරක්ෂා කළ සෙබළුන්ට අපහාස කිරීම, හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව චීනය පැවසුවා....