විද්‍යා හා තාක්ෂණ

චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ, විශේෂාංග

චීනයේ පළමු අඟහරු යානය අඟහරු කක්ෂයට ළගාවෙයි

චීනයේ පළමු අඟහරු ගවේෂණ යානය එම ග්‍රහයාගේ කක්ෂය වෙත ළගාවීමට සමත්ව තිබෙනවා. චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිවේදනය කළේ ඊයේ දිනයේ ටියෑන්වෙන් 1 යානය අගහරුගේ කක්ෂයට පිවිසි බවයි. ඒ අනුව අගඟහරුගේ කක්ෂය වෙත යානයක් යොමුකළ 6 වන රට බවට චීනය පත්වනවා. පෙරේදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "අමල් "යානය ද අඟහරුගේ කක්ක්ෂයට පිවිසයේ එම හැකියාව පෙන්නුම් කළ 5 වන රට බවට පත්වෙමින්. කෙසේ වෙතත් එම යානය අඟහරු මතට ගොඩ බැසීමක් සිදුවන්නේ නැහැ. චීනයේ ටියෑන්වෙන් 1 යානය ලබන මැයි හෝ ජුනි මාසයේ දී අඟහරු මත ගොඩබෑමට නියමිතයි. ඒ මාස 3ක පමණ කාලයක් අඟහරුගේ කක්ෂය මත රැදීමෙන් පසුවයි. මේ අතර පෙබරවාරි 18 වනදා නාසා හී අඟහරු යානය අඟහරු මත ගොඩබෑමට නියමිතව තිබෙනවා. එකවර රටවල් 3ක් විසින් අඟහරු මෙහෙයුම් සඳහා යානා පිටත්කර යැවීම ද විශේෂත්වයක්....
ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත් මෙන්න
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ

ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත් මෙන්න

මේ වන විට ලෝක පුරා ප්‍රධාන වශයෙන් කොරෝනා එන්නත් 6ක් භාවිත කරමින් පවතිනවා. මේ එම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධ නවතම වාර්තාවයි. කොරෝනා එන්නත්වලින් ඉහළම සාර්ථකත්වය පෙන්නුම් කර ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතයි. ෆයිසර් බයෝඑන්ටෙක් -- සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා. දින 21ක් තුල මෙහි මාත්‍රා දෙකම ලබාගත යුතුයි එන්නත් අධිශීතකරණ තුල සෙල්සියස් අංශක සෲණ 70 ක මට්ටමින් ගබඩා කළ යුතුයි. මෙඩර්නා එන්නත - සාර්ථකත්වය සියයට 94.1 දින 28 ක් තුල මාත්‍රෘ දෙකම ලබාගත යුතුයි. සෙල්සියස් අංශක සෲණ 20 ක උෂ්ණත්වයේ ගබඩා කළ යුතුයි. චීනයේ සිනෝෆාම් එන්නත - සාර්ථකත්වය සියයට 79.4 (නවතම වාර්තා අනුව සියයට 50 පමණ බව කියවේ)එමීර් රාජ්‍යයේ සායනික පරීක්ෂාවට අනුව සියයට 86 කි. තවමත් 3 වන අත්හදා බැලීම සිදුවේ සති 3ක් තුල එන්නත් මාත්‍රා ලබාගත යුතුයි. සෙල්සියස් අංශක සෲණ 2 හා 8 අතර ගබඩා කළ යුතුයි ඔක්ස්ෆර්ඩ් ඇ...
2040 දී ලෝකයෙන් 5 න් 1ක් ගිලා බසී
වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ

2040 දී ලෝකයෙන් 5 න් 1ක් ගිලා බසී

වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙයි. එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය. පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති. පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇ...
ස්මාර්ට් මුහුණු ආවරණය
වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ

ස්මාර්ට් මුහුණු ආවරණය

වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති. CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය. මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත. සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත. මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි. කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පා...
ගුගල් ලූන් ව්‍යාපෘතියට වැරදුණු තැන හෙළිකරයි
වැඩියෙන් නැරඹූ, විද්‍යා හා තාක්ෂණ

ගුගල් ලූන් ව්‍යාපෘතියට වැරදුණු තැන හෙළිකරයි

ලෝකයට අවම මිලට අන්තර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ගුගල් ලූන් ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතුව ගුගල් සමාගම විසින් අනාවරණ කර තිබෙනවා. ගුගල් හි මව් සමාගම වන ඇල්ෆබට් හී පී ප්‍රධානියා ඩේලි මේල්වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ එය සාර්ථක තාක්ෂණයක් විය හැකිව තිබුණද, වාණිජ වශයෙන් සාර්ථක නොවන බව තහවුරු වීම සමඟ එම ව්‍යාපෘතිය අත්හිටවූ බවයි. ඒ අනුව ගුගල් ලූන් ආදායම් ඉපයීම අතින් අසාර්ථක හා පිරිවැය ඉහළ ව්‍යාපෘතියක් ලෙස නම් කර තිබෙනවා. මෙම බැලුන් අත්හදා බැලීම් ක්‍රියාත්මක කර තිබුණේ අමෙරිකාව, ශ්‍රී ලංකාව,කෙන්යාව හා ඇමසන් වැසි වන්නාතරය ආශ්‍රිතවයි. මෙම එක් බැලුමනයක ආධාරයෙන් වර්ග සැලසුම් 780ක කලාපයකට අධිවේගී අන්තර්ජාලය ලබාදීමටයි සැලසුම් කර තිබුණේ. ඒ සදහා භාවිත කළ කාබන් ෆයිබර් වෙනුවෙන් අදික පිරිවැයක් දරා තිබූ අතර එමගින් ඉපයීමට හැකි ආදායම ප්‍රමාණාත්මක වශයෙන් අවම බව හදුනාගෙන තිබුණා. ...