විදෙස්

දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා. අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර ඇත්තේ. ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක් යන තේමාවෙන් එහි ග්ලැසියරය පිළිබඳ තොරතුරු සඳහන්.
සාම කතා නෑ / උතුරු කොරියාව කියයි

සාම කතා නෑ / උතුරු කොරියාව කියයි

දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව ප‍්‍රකාශ කළා. ඒ දකුණු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාස වලට විරෝධතාව පළකරමින්. එය තම රට විනාශ කිරීමේ අරමුණින් සිදුකරන බවටයි උතුරු කොරියාව චෝදනා කරන්නේ. මේ අතර අද අලුයම් කාලයේදී උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බැලූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මෙය මාසයක කාලයක් තුළ ඔවුන් සිදුකළ 6 වන මිසයිල අත්හදා බැලීමයි.
සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරියක හා භාරතීය ජනතා පක්‍ෂයේ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් මහත්මිය නවදිල්ලියේ දී අභාවප්‍රාප්ත වුණා. 1999 දී දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය භාරතීය ජනතා පක්ෂය බලයේ සිටි ආණ්ඩු වල ජනමාධ්‍ය අමාත්‍ය පදවිය හා විදේශ කටයුතු ඇමැතිවරියක වශයෙන් ද කටයුතු කර තිඛෙනවා.ස්වරාජ් මහත්මිය නිල කටයුතු සඳහා කිහිපවතාවක් ශ්‍රී ලංකාවට ද පැමිණි අතර මිය යනවිට 67 වැනි වියෙහි පසුවුණා.ඇය වකුගඩු සැත්කමකට භාජනය වීම නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි අතර හෘදයාබාධයක් හේතුවෙන් ඇය දිවියෙන් සමුගෙන තිබුණා.
බැංකොක් නුවර පිපිරීම් කිහිපයක්

බැංකොක් නුවර පිපිරීම් කිහිපයක්

තායිලන්තයේ බැංකොක් නුවර සුළු පිපිරීම් කිහිපයක් සිදුව තිඛෙනවා. ජාත්‍යන්තර ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ වෙළෙඳ සංකීර්ණයක් සහ ඒ ආසන්න ප්‍රදේශයකදී පිපිරීම් සිදුව ඇති බවයි. පිපිරීම්වලින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි සදහන්. තායිලන්ත ජනාධිපති පුයුත් චාන් ඕචා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි. ප්‍රහාරයේ වගකීම කවරකු විසින් හෝ භාරගෙන නැහැ.
අමෙරිකාවට තර්ජනය කළ බින්ලාඩන්ගේ පුතා මිය ගිහින්

අමෙරිකාවට තර්ජනය කළ බින්ලාඩන්ගේ පුතා මිය ගිහින්

අමෙරිකාව විසින් ඝාතනය කරනු ලැබූ ඔසාමා බින් ලාඩන්ගේ , පුත‍්‍රයා මියගොස් ඇති බව ඇමරිකා බුද්ධි අංශ හෙළිකර තිඛෙනවා. හම්සා බින් ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවට මීට පෙර අමෙරිකාව විසින් ප‍්‍රකාශයට පත්කර තිබුණා. ඔහු පසුගිය කාලයේ ඇමරිකාව ඇතුළු රටවල් රැසකට ප‍්‍රහාර එල්ල කරන බවට හඩපට නිකුත් කර ඇති අතර ඒ අනුවයි ඔහු අමෙරිකාවට අත්‍යාවශ්‍ය ත්‍රස්ත සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවේ.
“තලාක්” දික්කසාදය ඉන්දියාවේදී තහනම්

“තලාක්” දික්කසාදය ඉන්දියාවේදී තහනම්

මුස්ලිම් ජාතිකයින්ගේ තුන්වරක් තලාක් යනුවෙන් පවසමින් දික්කසාදවීම ඉන්දීය පාර්ලිමේන්තුව මඟින් අපරාධමය වරදක් ලෙසට නම්කර තිබෙනවා. මුස්ලිම් නීතියට අනුව සැමියාට සිය බිරිඳ දික්කසාද කිරීමට අවශ්‍ය නම් තලාක් යනුවෙන් කෙටි පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑල මඟින් තුන්වරක් සඳහන් කිරීමෙන් දික්කසාද විය හැකියි. ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා මෙය අපරාධමය වරදක් බවට ප්‍රකාශයට පත්කළ බවයි ඉන්දීය පාර්ලිමේන්තුව සඳහන් කළේ. මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයෙකුට වසර තුනක සිර දඩුවම් විදීමට ද සිදුවනවා. පාලක භාරතීය ජනතා පක්ෂය මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත ගෙන ආ අතර විපක්ෂය ඊට සිය විරෝධය පළකළා. කෙසේ වෙතත් එය සම්මත කර ගැනීමට අද දිනයේ හැකිවුණා.
අමෙරිකාවට පහරදිය හැකි මිසයිලයක් රුසියාව නිපදවයි

අමෙරිකාවට පහරදිය හැකි මිසයිලයක් රුසියාව නිපදවයි

රුසියාව බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදාබලා තිබෙනවා. ටෝපෝල් එම් ලෙස හැදින්වෙන මෙය දිගු දුර න්‍යෂ්ටික මිසයිලයක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කිලෝ මීටර 2500ක් දුරින් පිහිටි ඉලක්කයකට එය එල්ල කර තිබෙනවා. 1980න් පසු රුසියාව මෙවැනි ප‍්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලු පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ. මෙම මිසයිලයට කිලෝමීටර 11,000 ක දුරක් තරණය කරමින් අමෙරිකාවේ ඔ්නෑම ස්ථානයකට පහරදීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්.
ගල්ෆ් මුහුදු කලාපයේ ආරක්ෂාවට ජාත්‍යන්තර බලකායක්

ගල්ෆ් මුහුදු කලාපයේ ආරක්ෂාවට ජාත්‍යන්තර බලකායක්

ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙළඳ නෞකා ආරක්ෂක බළකායක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. අමෙරිකානු රජය පවසන්නේ ඊට අදාළ සාකච්ජා මේ වන විට සිදුකරන බවයි. යුරෝපය විසින්ද ඒ සදහා සිය සහාය පල කර තිඛෙනවා. ඉරානයෙන් සහ මුහුදු මංකොල්ලකරුවන් ඇතුලු පාර්ශවයන්ගේ හානි වැලැක්වීම මෙහි අරමුණයි.
සඳට යන ඉන්දීය යානය අභ්‍යාවකාශගත කරයි

සඳට යන ඉන්දීය යානය අභ්‍යාවකාශගත කරයි

සඳ මතට යානයක් යොමුකළ 4වන රට බවට පත්වීම ඉන්දියාව සැලසුම් කළ චන්ද්‍රයාන් 2 යානය අද අභ්‍යාවකාශ ගත කෙරුණා. එය සාර්ථකව සිදුවූ බවයි ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ. අද සිට දින 23ක කාලයක් පෘථවිය වටා ගමනේ නිරතවන මෙම යානය සැප්තැම්බර් මාසයේ අවසාන සමය තුල සඳ වෙත ගොඩබැස්වීමට නියමිතයි. එහි රෝවර් යානයක්ද ඇතුලත් වනවා. මීට පෙර චන්ද්‍රයාන් 1 යානය සඳ මත ගැටීමට සැලැස්වීමටයි ඉන්දියාව පියවර ගෙන තිබුණේ.
ජපන් චිත්‍රාගාර ගින්නේ සැකකරු හදුනා ගනී

ජපන් චිත්‍රාගාර ගින්නේ සැකකරු හදුනා ගනී

ජපානයේ චිත‍්‍රාගාර ගින්නට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු පිළිබද තොරතුරු අනාවරණ කර තිඛෙනවා. සැකකරු දැඩි පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් සැකකරු චිත‍්‍රාගාරයට රැගෙන විත් ඇති බව හෙළිව ඇති අතර ගින්නට හසුවිමෙන් 33 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ ගණන 30 ක්. චිත‍්‍රාගාරයේ හිමිකරුවන් තම අදහස් සොරා ගැනීමට විරෝධය පළකිරිම අරමුණ වූ බවයි සැකකරු පවසා ඇත්තේ.
ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුම්වලින් ලයික් ඉවත් වෙයි

ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුම්වලින් ලයික් ඉවත් වෙයි

ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුම්වලින් ලයික් හෙවත් කැමැත්ත පළකිරීමේ අයිතමය සැගවීමට තීරණය කර තිබෙනවා. ඔස්ටෙ‍්‍රිලියාව, බ‍්‍රසීලය සහ තවත් රටවල් රැසක ගිණුම්වලින් එය සැගවීමට නියමිත බවයි සමාගම පවසන්නේ. ඉන්ස්ටර්ග‍්‍රෑම් හරහා හුවමාරු කරන සටහන්වලට ලැබිය යුතු ප‍්‍රතිචාර සම්බන්ධයෙන් ගිණුම් හිමියන් අතර ඇතිවන ව්‍යාකූලත්වයට විසදුම් ලබාදීම අරමුණ වනවා. මෙම නියමු ව්‍යාපෘතිය සෙසු රටවල ක‍්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර තිබෙනවා
නීල් ආමස්ට්‍රොන්ගේ ගඟනගාමී ඇදුම මහජන ප්‍රදර්ශනයට

නීල් ආමස්ට්‍රොන්ගේ ගඟනගාමී ඇදුම මහජන ප්‍රදර්ශනයට

සඳ මත පා තැබූ පළමු මිනිසාවන නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තබන විට ඇඳ සිටි ගගණගාමී ඇඳුම වසර 13කට පසු මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කර තිඛෙනවා. ඒ සඳ මත පා තැබීම සදහා ඇපලෝ 11 යානය ප්‍රථිවියෙන් පිටත් වී වසර 50ක් සැපිරීම වෙනුවෙනුයි. එම අවස්ථාවට නීල් ආම්ස්ට්‍රෝන්ගේ පුත්‍රයා සහ අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් එක්ව සිටියා. මෙය වොෂින්ටනයේ පිහිටි ස්මිත් සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර  පසුගිය වසර 13 පුරාම එය විශේෂ සංරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කර තිබුණා.
සඳ ගමනට නික්මී වසර 50යි

සඳ ගමනට නික්මී වසර 50යි

මිනිසා සඳ මත පා තැබීම සඳහා ඇපලෝ එකොළහ යානය අභ්‍යවකාශ ගත කර අදට වසර 50 ක් සපිරෙනවා. 1969 වසරේ ජූලි 16 වනදා ගගනගාමීන් 3 දෙනෙකු රැගත් ඇපලෝ එකොළහ යානය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළා. නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ් රින් යන ගගනගාමීන් මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා එක්ව සිටියා. පළමුවෙන්ම සඳ මත පා තැබූ මිනිසා ලෙස ඉහිහාස ගත වන්නේ ගගනගාමි නිල් ආම්ස්ට්‍රෝන්. ඒ 1969 වසරේ ජූලි 21 වනදායි. සඳ මත ඇමෙරිකා ධජය තැන්පත් කළ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කළේ මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණක් වුවත් මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වනු ඇති බවයි. සඳ මත සිහිවටන පුවරුවක් සවි කිරීමට ද ඔවුන් කටයුතු කළා. 1969 වසරේ ජූලි 24 වනදා පැයට සැතපුම් විසිහතර දහස් හයසිය හතළිස් එකක වේගයෙන් ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණියා. එදා සිට අද වන ත
ඉන්දියාවේ සඳ ගමන අවසන් මොහොතේ නවතයි

ඉන්දියාවේ සඳ ගමන අවසන් මොහොතේ නවතයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබෙනවා. චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ මෙහෙයුමට අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට විනාඩි 56කට පෙර නතර කර ඇත්තේ එහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. අද අලුයම 2.51ටයි යානය සඳ මතට යැවීමට නියමිතව තිබුණේ. කෙසේ වෙතත් නැවතත් මෙම මෙහෙයුම ආරම්භ කරන දිනයක් ළගදීම දැනුම් දෙනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මෙම මෙහෙයුම සාර්ථක වූයේ නම් සඳමතට යානයක් සාර්ථකව ගොඩබැස්සවූ හතරවන රට බවට ඉන්දියාව පත් වීමට නියමිතව තිබුණා.
ප්‍රවෘත්ති මැද සැඟවුණු නිවේදක යුවලට පැසසුම්

ප්‍රවෘත්ති මැද සැඟවුණු නිවේදක යුවලට පැසසුම්

අමෙරිකාවේ කැළිෆෝර්නියා ප්‍රාන්තයට බලපෑ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ ඊට මුහුණ පෑ සජීවී ප්‍රවෘත්ති ප්‍රකාශයක නිරතවූ නිවේදක යුවලක් සමාජ මාධ්‍ය තුල අවධානයට ලක්ව තිඛෙනවා. මේ ඒ පිළිබදයි. 
රුසියානු සබ්මැරීනයක් ගිනි ගනී / 14ක් මරුට

රුසියානු සබ්මැරීනයක් ගිනි ගනී / 14ක් මරුට

රුසියාවේ නාවුක සබ්මැරීනයක් ගිනි ගෙන අනතුරට ලක්වීමෙන් නාවිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. කුඩා වර්ගයේ නාවුක සබ්මැරීනයක් වන මෙය රුසියා මුහුදු තීරයේ පර්යේෂණයක යෙදී සිටි අවස්ථාවකයි අනතුරට පත්ව තිබුණේ.මෙම නාවුක සබ්මැරීනය න්‍යෂ්ටික කටයුතු සදහා භාවිත කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක්. අනතුරෙන් එහි ගමන් ගත් නාවුකයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කොපමණ පිරිසක් සබ්මැරීනය තුළ ගමන් කළේද යන්න මෙතෙක් හෙළිකර නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි රුසියානු රජය පවසන්නේ.
ආගම නිසා බොලිවුඩය එපා කී නිළියට විවේචන

ආගම නිසා බොලිවුඩය එපා කී නිළියට විවේචන

සිය ආගමට නිගරුවක් වන බව පවසමින් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්වීමට රංගන ශිල්පිනියකවන සයිරා වසීම් ගත් තීරණය පිළිබද ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පිනියක වන රවීනා තන්ඩන් විවේචනයක් සිදුකර තිඛෙනවා. ඩන්ගල් හා සීක්‍රට් සුපර්ස්ටාර් සිනමාපටවල රගපාමින් ජනප්‍රියවූ සයිරා වසීම් පසුගියදා ප්‍රකාශ කළේ තමන් අදහන ඉස්ලාම් දහම හේතුවෙන් බොලිවුඩ් සිනමාව තමන්ට නොගැලපෙන බැවින් ඉන් ඉවත්වන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් රවීනා තණ්ඩන් පවසන්නේ බොලිවුඩ් සිනමා කර්මාන්තය තුල ආගම් භේදයක් නොමැති බවයි. ඒ හරහා බොහෝ දේ ළගා කරගත් නවක නිළියක් බොලිවුඩ් සිනමාව කාන්තාවකට නොගැලපෙන ස්ථානයක් ලෙස අදහස් දැක්වීම පිළිබද තමන් එකග නොවන බවයි ඇය පවසන්නේ. ඒ අනුව නික්මීමට අවශ්‍යනම් එය ගැටළුවක් නොවුණද තමන්ට ලබාදුන් දේ වෙනුවෙන් බොලිවුඩයට කෘතවේදීව නික්ම යන ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ.
ට්‍රම්ප් උතුරු කොරියාවට පය තියයි

ට්‍රම්ප් උතුරු කොරියාවට පය තියයි

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු හා දකුණු කොරියා යුධ මුක්ත කලාපය හරහා උතුරු කොරියාවට පැමිණි පලමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්ව තිඛෙනවා. ඒ සාම කලාපයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමෙන් පසු ඔහුගේ ඇරයුමක් මත ට්‍රම්ප් මහතා උතුරු කොරියානු භූමියට පා තැබීම හේතුවෙන්. එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා දේශසීමාව හරහා දකුණු කොරියානු භුමියට පැමිණි අතර එහිදී ඔහු පිළිගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් එක්වුණා. අමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී – 20 සමුළුව අවසන් කරමිනුයි. උතුරු කොරියානු නායකයා හමුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සංචාරය කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට ආරාධනා කර තිඛෙනවා.
ඉරානයෙන් දිගටම තෙල් ගන්නවා / චීනයෙන් අමෙරිකාවට ප්‍රතිචාර

ඉරානයෙන් දිගටම තෙල් ගන්නවා / චීනයෙන් අමෙරිකාවට ප්‍රතිචාර

සම්බාධක නොතකා ඉරානයෙන් ඉන්ධන ලබාගන්නා ඔ්නෑම රටකට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව සිදුකළ තර්ජනයට චීනය ප්‍රතිචාර දක්වා තිඛෙනවා. ඒ අනුව අඛණ්ඩව ඉරාන ඉන්ධන මිලදී ගන්නා බවයි චීනය අවධාරණය කරන්නේ. චිනයේ ඉන්ධන අවශ්‍යතාව ඉතා වැදගත් වන බැවින් මෙම ගණුදෙනු අඛණ්ඩව සිදුකරන බව චීනය දැක්වූ ප්‍රතිචාරයේ සදහන්. මේ හරහා චීනය හා අමෙරිකාව අතර අර්බුධයක් නිර්මාණය වනු ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉතියෝපියා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ඝාතනය කෙරේ

ඉතියෝපියා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ඝාතනය කෙරේ

ඉතියෝපියා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සියරේ  මෙකොන්නෙන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ ආරක්ෂක භටයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි දැනට කෙරී ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ. ඔහු සමග තවත් නිලධාරියකුද ජීවිතක්ෂයට පත් වුණා. ඉතියෝපියාවේ අම්හාරා ප්‍රාන්ත  රජයට එරෙහිව ක්‍රියාත්මක වීමට ගිය කුමන්ත්‍රණයක් වැළැක්වීමට යාමේදීයී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේ අම්හාරා ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් ඇවිලෙමින් තිබුණා. ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතියෝපියාවේ සිය කාර්ය මණ්ඩලයට තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටත්ව නොයන ලෙසයි.
නීති විරෝධී සංක්‍රමණිකයින් එළවනවා / ට්‍රම්ප් කියයි

නීති විරෝධී සංක්‍රමණිකයින් එළවනවා / ට්‍රම්ප් කියයි

නීති විරෝධීව ඇමෙරිකාවට පැමිණි සංක්‍රමණිකයින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසනවා. එළඹෙන සතියේදී එකම කටයුතු සිදු කරන බවයි  ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ. මෙක්සිකොවෙන් සහ මධ්‍යම ඇමෙරිකාවෙන් නීති විරෝධී සංක්‍රමනිකයන් ලෙස  පැමිණි මිලියන 12 කට වැඩි පිරිසක්  ඇමෙරිකාවේ ජීවත් වනවා. ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර ඇති වූ එකගතාවයත් මත ඇමෙරිකාවේ දේශපාල න රැකවරණය බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණියින්ගේ නඩු විභාගයට ගන්නා තුරු ඔවුන් රඳවා තැබීමට මෙක්සිකෝව කැමැත්ත පල කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ ඇමෙරිකාවේ සිටින සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයින් එළඹෙන සතියේදී ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.